Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

13th March 2020 12:38:38 Hours

සේවා වනිතා ශාඛාවේ නව සභාපති තුමිය තම ධුරයේ වැඩ භාර ගනී

ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති ධූරයේ මාස 08 ක කාල සීමාවක් රාජකාරී කරනු ලැබූ හිටපු ගරු ස‍භාපතිනී ක්‍රිෂානි මුදලිගේ මහත්මිය සමුගැනීමෙන් පසු එම තනතුර සදහා 2020.03.09 වන දින 07 වන ගරු ස‍භාපතිනිය වශයෙන් චායා ගුණරත්න මහත්මිය පත්වූ අතර, එම මැතිණිය විසින් 2020.03.12 වන දින 1110 පැයට යෙදුන සුභ මොහොතින් ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදි. එම අවස්ථාව සදහා රෙජිමේන්තු අධිපති තුමන් ඇතුළු සේ‍වාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වන ලදි.