Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

10th August 2020 19:26:55 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කරන ලද පියයුරු පිළිකා පිළිබද දේශණය

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන අනුජා ජයවීර මහත්මියගේ උපදෙස් හා මගපෙන්විම යටතේ රෙම ශ්‍රීලපාහට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරි සහ සෙසුනිලයින්ගේ බිරින්දෑවරුන් 130 දෙනෙකු වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ පියයුරු පිළිකා පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීව අනුරුද්ධ සෙනවිරත්න මහතා විසින් කාලීන වෛද්‍ය වැඩමුළුවක් 2020.08.10 වන දින 0900 පැයට රෙම ශ්‍රීලපාහ කොනොනි සමාජ ශාලාවේදි පවත්වන ලදී. එම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය, ගරු උප සභාපති තුමිය වන සුජිවා ශ්‍රීමති ආබෘෘ මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ සාමාජිකාවන් පිරිසක් සහභාගි වන ලදී. තවද මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද, රෙම ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරි සහ සෙසු සාමාජිකයින් පරිසක්ද සහභාගි වන ලදී.