Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

06th March 2020 12:13:05 Hours

ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලැබු තවත් ප්‍රජාසත්කාරයක්

ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් අතුරින් තවත් එක් දිගුවක් ක්‍රියාවට නංවන ලදි. ඒ අනුව සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ක්‍රිෂානි මුදලිගේ මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේසේවාවනිතා ශාඛාවේ මූල්‍යමය දායකත්වයෙන් සහ 4 ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වය ඇතිව 4 ශ්‍රීලපාහ ඒකකයට අයත් මියගිය සෙ/314797 කෝප්‍රල් පුෂ්ප කුමාර අයිඑම්ආර් යන කොනොනිගේ ලගම ඥාතියා වෙනුවෙන් අංක 76/2, රණවන, තෝරයාය, කුරුණෑගල ප්‍රදේශයේ අංග සම්පූර්ණ නව නිවසක් ඉදිකරන ලද අතර, එම නිවස 2020.03.05 වන දින 1030 පැයට යෙදුන සුභ මොහොතින් ගරු සභාපති තුමියගේ සුරතින් විවෘත කරන ලදි. එම අවස්ථාව සදහා සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක තුමා, 4 ශ්‍රීලපාහ අණදෙන නිලධාරී තුමන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරන නිලධාරී ඇතුළු සාමාජිකයින් පිරිසක්ද සහභාගී වන ලදි.