Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

21st July 2020 14:05:17 Hours

ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ හිටපු ගරු සභාපති තුමිය හා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සමුගැනීමේ සාදය - 2020

ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශඛාවේ වත්මන් ගරු සභාපති තුමිය වන චායා ගුණරත්න මැතිණියගේ උපදෙස් හා මගපෙන්වීම් යටතේ රෙම ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ හිටපු ගරු සභාපති තුමිය වන ක්‍රිෂානි මුදලිගේ මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් වන ක්‍රිෂාන්ති වඩුගොඩපිටිය මැතිණිය සහ දීපිකා අබේරත්න මැතිණිය සමු ගැනීම වෙනුවෙන් 2020.07.19 වන දින 1100 පැයට රෙම ශ්‍රීලපාහ නිලධාරී නිවස්නයේදී සමුගැනීමේ සාදයක් පවත්වන ලදී. එම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ වත්මන් සභාපති තුමිය සහ ගරු උපසභාපති තුමිය වන අනුජා ජයවීර මහත්මිය ඇතුලු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් සහභාගී වන ලදී. තවද පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබිලිවිඩබිලිවිවී ආර්ඩබිලිවිපී ආර් එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී අතුළු නිලධාරීන් පිරිසක්ද රෙම ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරී ඇතුළු සෙසු සාමාජිකයන් පිරිසක් ද සහභාගී වන ලදී.