18th January 2023 16:33:30 Hours
61පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්එම්යු හේරත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සේනාංකාධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව ප්‍රථම නිල සංචාරය 612 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත 12 වන ශ්‍රි ලංකා ඉංජිනේරු බලකාය සහ 1 වන ශ්‍රි ලංකා පුරෝගාමි බලකාය වෙත 2023 ජනවාරි 13 දින සංචාරය කරන ලදි.
13th January 2023 11:30:33 Hours
2023 ජනවාරි 12 වන දින යුද්ධ හමුදා ජනපදය පනාගොඩ පිහිටි රෙම ශ්‍රිලපාහ දේශණ ශාලාවේදී ආරක්ෂක සේනා (බටහිර) සංවිධානත්වයෙන් වත්මන් ආරක්ෂක තත්ත්වය තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ ක්ෂේත්‍ර මෙහෙයුම් වලදී පවතින නීතිමය රාමුව යටතේ යුද හමුදාව සහ පොලිසිය සමග සම්බන්ධීකරණය යන මාතෘකාව යටතේ මෙම ආසේමු බලප්‍රදේශයට අයත් භඨ පිරිස් සහභාගිත්වයෙන් දේශණයක් සංවිධානය කළ අතර, ඒ සදහා නිලධාරීන් 90 දෙනෙකු සහ සෙසු නිලයින් 270 දෙනෙකු සහභාගී විය.
12th January 2023 18:51:43 Hours
2023 ජනවාරි 11 වන දින පනාගොඩ යුධ හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේදී මියගිය රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම සහ ආබාධිත සෙබළුන්ට, සේවයේ නියුතු යුධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සෙත්පැතිමේ අරමුණින් බෝධි පූජාවක් පවත්වන ලදී.
12th January 2023 18:49:19 Hours
මානුෂීය මෙහෙයුමට සක්‍රීයව දායක වූ සෙබළුන්ගේ අධ්‍යාත්මික අරමුණු කරගනිමින් කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානය මගින් 2023 ජනවාරි 08 දින භාවනා වැඩසටහනක් සංවිධානය කරන ලදි.
12th January 2023 18:45:50 Hours
ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයේ පිහිටි 143 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් භටපිරිස් කුරුණෑගල ශික්ෂණ රෝහලේ 2023.01.09 දින වැඩවර්ජනයක නිරත හෙද සහයක සහ සුළු කාර්ය මණ්ඩල ලිපිකරු සෞඛ්‍ය සේවා නිසි පරිදි ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය සහය රෝහල් බලධාරින්ගේ ඉල්ලිම පරිදි ලබාදෙන ලදි.
12th January 2023 18:43:18 Hours
2023 ජනවාරි 8 වන දින කරුවලගස්වැව ප්‍රදේශයේ කරුවලගස්වැව - පුත්තලම ඩි එස් සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබන පවුල් තුනකට අයත් අඩු ආදායම්ලාභි පාසල් දරුවන් අට දෙනෙකු වෙත නව පාසල් වාරය ආරම්භයට සමගාමීව රුපියල් 100,000.00 ක් වටිනා ලිපි ද්‍රව්‍ය, බෑග් සහ සපත්තු ආදිය පරිත්‍යාග කර ඇත. මේ සදහා අනුග්රහක දායකත්වය හැටන් නැෂනල් බැංකුවේ නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය ලෙස කටයුතු කරන තුෂාරි රණවීර මහත්මිය සහ ජාතික සංවර්ධන බැංකුවේ විශ්‍රාමික නිලධාරිනියක් වන කොරතොට මහත්මින් විසින්ය.
09th January 2023 19:01:53 Hours
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත 142 පාබල බලසේනාව විසින් 2023 ජනවාරි මස 02 දින නව වසරේ රාජකාරි ආරම්භ කිරිමට සමගාමිව කඳවුරු පරිශ්‍රය තුළදි සිවිල් සේවක මහතුන් හට වියළි සලාක බෙදා හැරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
09th January 2023 17:30:45 Hours
2023 ජනවාරි මස 05 වන දින ශාන්ත මරියා දෙමළ මධ්‍ය මහා විද්‍යාලය - කෑගල්ල ඉගෙනුම ලබන පාසල් දරුවන් වෙත පොත්පත් හා පාවහන් යුවල් ලබාදීමේ වැඩසටහනක් සිදුකරන ලද අතර, මේ සදහා මුල්‍යමය දායකත්වය හේමාස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාල මහත්මිය විසින් දක්වා ඇත. එහිදි පාසල් ළමුන් 50 දෙනෙකු සදහා පොත්පත් ලබාදීම සහ එම පාසලේ දරුවන් 15 දෙනෙකු සදහා පාවහන් යුවල් සහ ඊට අදාල මේස් යුවල් ලබාදීම එම පාසල් පරිශ්‍රයේදී සිදුකර ඇත.
09th January 2023 17:28:29 Hours
14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 15 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද පුණ්‍යමය වැඩසටහනක් 2023 ජනවාරි 03 සහ 04 යන දිනයන්හි එම කදවුරු පරිශ්‍රයේදී සිදුකරන ලදී. එහිදි පිරිත් සජ්ඣායනය, මහා සංඝරත්නය උදෙසා දානය (හීල් දානය) පිලිගැන්වීම සිදු කරන ලදී.
04th January 2023 15:26:24 Hours
ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි මෙම බළප්‍රදේශයට යටතේ පාලනය වන 61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 613 පාබල බලසේනාව යටතේ පිහිටි 3 (සෙවි) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් 2023 ජනවාරි මස 01 දින සවස් වරුවෙි මාතර මුහුදු තිරයේ දියනෑමට ගොස් මුහුදු රළ පහරට ගසාගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මුදවා ගෙන කඩිනමින් මාතර රෝහල වෙත යැවිමට කටයුතු කරන ලදි.