Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

01st February 2023 16:37:05 Hours

කොළොන්නාව ප්‍රදේශයේ මාර්ගයන් අවහිර කරමින් ඇදවැටුනු ගසක් ඉවත් කිරිමට යුද්ධ හමුදා සහය

ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 14 පාබල සේනාංකය වෙත අයත් 144 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් පසුගිය දින කිහිපයේ ඇතිවු අධික වර්ෂාව හේතුවෙන් 2023 ජනවාරි 25 වන දින සවස් කාලයේ කොළොන්නාව - රාජගිරිය කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල මාර්ගයට කඩා වැටී තිබූ විශාල ගසක් කපා ඉවත් කිරීමට සහය ලබා දී ඇත.

මේ අනුව, 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිසක් එම ස්ථානයට පැමිණ, ගුවන් හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව මාර්ගයෙන් ගස ඉවත් කිරීම සඳහා ඔවුන්ගේ සහය ලබා දුන්හ.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ‌ජෙනරල් ඩී ඒමි කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍ර්ගේඩියර් කේ එම් වි කොඩිතුවක්කු සහ 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අනදෙණ නිලධාරි ඇතළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් භටපිරිස්හි දායකත්වය සමිපව අධික්ෂණය කරන ලදි.