24th February 2022 12:49:15 Hours
ආරක්ෂක සේනා ආඥාපති (බටහිර), මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබිලිවිපී ආර්එස්පී එන්ඩියු ගේ උපදෙස් පරිදි 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්ෂණය යටතේ 611 පාබල බල සේනාවට අයත් 8 වන බලඇණි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් 2022 පෙබරවාරි 23 වන දින බදාදා පස්වරුවේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වේගයෙන් පැතිර ගිය ලැව් ගින්නක් මැඩපැවැත්වීමට දායකත්වය සපයන ලදි.
23rd February 2022 16:30:03 Hours
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් එල්.එච්.එස්.සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් ගේ උපදෙස් පරිදි COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේ රජයේ උත්සාහය ශක්තිමත් කරමින් තවත් විශේෂ ජංගම එන්නත් කිරීමේ වැඩසටහනක් ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ අධීක්ෂණය යටතේ 2022 පෙබරවාරි මස 1 වන දින ආරම්භ කරන ලදී.
21st February 2022 18:09:32 Hours
ශ්‍රී ලංකා යුධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණින් 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩි බි එස් එන් බෝතෝට ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ සහ යුධ හමුදාවේ ඉදිරි උපාය මාර්ග 2020 - 2025 සංකල්පයට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංසදය විසින් පරිත්‍යාග කරනු ලැබු වෛද්‍ය උපකරණ ප්‍රමාණයන්, ආරචීචිකන්ද මුලික රෝහල, බද්දේගම මුලික රෝහල, බලපිටිය මුලික රෝහල සහ කරාපිටිය මුලික රෝහල වෙත පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් 2022 - 02 – 14 වන දින පැවැත්වුණි.
21st February 2022 12:07:32 Hours
සිරිලක් සමුහ ව්‍යාපාරයේ ඉල්ලීම පරීදි 144 වන බලසේනාවට අයත් සෙබලුන් තම ස්වකීය කැමැත්ත මත 2022/02/16 වන දින නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුව වෙත ලේ පරිත්‍යාගයක් සිදු කරන ලදි.
17th February 2022 18:29:15 Hours
ශ්‍රී ලංකා යුධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණින් සහ මේ වන විට රටේ පවතින COVID 19 වසංගතය මැඩලීම සදහා 14 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරල් එ කේ ජි කේ යු ඥානරත්න එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ ඉදිරි උපාය මාර්ග 2020 - 2025 සංකල්පයට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංසදය විසින් පරිත්‍යාග කරනු ලැබු වෛද්‍ය උපකරණ ප්‍රමාණයන් අපේක්ෂා රෝහල මහරගම වෙත පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් 2022 - 02 – 15 වන දින පැවැත්වුණි.
15th February 2022 17:32:28 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් යුතුව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා සංසදය විසින් පරිත්‍යාග භාණ්ඩ වශයෙන් ලබාදි ඇති වෛද්‍ය උපකරණ වතුපිටිවල මුලික රෝහල වෙත 2022.02.14 වන දින 141 පාබල බසේමු බළසේනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පරිත්‍යාග කරන ලදී.