Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

12th January 2023 18:51:43 Hours

ආරක්ෂක සේනා (බටහිර) සම්බන්ධිකරණයෙන් ධර්මදේශණාවක් සිදුකරනු ලබයි.

2023 ජනවාරි 11 වන දින පනාගොඩ යුධ හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේදී මියගිය රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම සහ ආබාධිත සෙබළුන්ට, සේවයේ නියුතු යුධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සෙත්පැතිමේ අරමුණින් බෝධි පූජාවක් පවත්වන ලදී.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩු ගේ උපදෙස් පරිදි සහ ශ්‍රී ලංකා යුද හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සභාපති මෙන්ම ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ආගමික වැඩසටහන සංවිධානය කර ඇත.

ආරක්ෂක සේනා (බටහිර) සම්බන්ධිකරණයෙන් මෙම පුණ්‍ය ධර්මදේශණාව සඳහා අවශ්‍ය කටයුතු ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) සම්බන්ධිකරණයෙන් යුද්ධ හමුදා ජනපදය - පනාගොඩහි පිහිටි රෙජිමේන්තු සහ බලඇණි දායකත්වය දක්වා ඇත.

බෝධි පුජාව සිදු කිරිම සදහා වැඩමකොට වදාල සීලසමහිත ආරණ්‍ය සේනාසන සීලිගම, බෙලිහුල්ඔය, බළන්ගොඩ, අමදොර විප්‍රවියා සදහම් පදනමේ නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක පූජ්‍ය බලංගොඩ රාධ ස්ථවිර හිමිපාණන් මෙහිදි භට පිරිස් සඳහා ධර්ම දේශනාවක් පවත්වන ලද අතර, මියගිය රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත පිං අනුමෝදන් කිරීම ද සිදු කරන ලදී.

මෙම ධර්ම දේශණාව සදහා ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරින්, නිලධාරිනියන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී විය.