Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th January 2023 16:33:30 Hours

61 පාබල සේනිංකයේ සේනාංකාධිපති තුමන් 612 පාබල සේනාංකය වෙත සංචාරයක් සිදු කරයි.

61පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්එම්යු හේරත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සේනාංකාධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව ප්‍රථම නිල සංචාරය 612 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත 12 වන ශ්‍රි ලංකා ඉංජිනේරු බලකාය සහ 1 වන ශ්‍රි ලංකා පුරෝගාමි බලකාය වෙත 2023 ජනවාරි 13 දින සංචාරය කරන ලදි.

මෙම සංචාරයේදි 613 වන බලසේනාධිපති තුමන් සහ ඒ යටතේ ඇති බළඇණියන්හි ඒකක අණදෙන නිලධාරින් විසි යුද්ධ හමුදා සම්ප්‍රධායානුකුලව සේනාංකාධිපති තුමන් පිළිගැනිමෙන් පසු බලසේනාධිපති තුමන් සහ ඒකක අණදෙන නිලධාරින් විසින් තම ක්‍රියාන්විත සහ පරිපාලනමය කරුණු ගැන පැහැදිලි කිරිමකට සේනාංකාධිපති තුමන් සහභාගී විය.

අනතුරුව, සේනාංකාධිපති තුමන්ගේ පළමු නිල සංචාරය සනිටුහන් කිරීම සඳහා කඳවුරු පරිශ්‍රය තුළ පැළයක් රෝපනය කිරිමටද කටයුතු කළේය.

මෙම සංචාරය සදහා සේනාංකාදිපති තුමන් සමග 61 වන පාබල සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු එක්විය.