10th April 2023 13:00:25 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නව කර්නල් සම්බන්ධිකරණ වශයෙන් කර්නල් එල් ඒ මෙන්ඩිස් ජ්‍යෙෂ්ඨ නිලධාරි වශයෙන් 2023පෙබරවාරි මස 21 වන දින සුභ මොහොතින් නව තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.
10th April 2023 12:59:33 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 පාබල සේනාංකය වෙත අයත් 613 පාබල බලසේනාවට අයත් 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියට අයත් භටපිරිස් විසින් 2022 පෙබරවාරි මස 16 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ හියාරේ මහා විද්‍යාලය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.
10th April 2023 12:58:05 Hours
ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 613 පාබල බලසේනා බල ප්‍රදේශයේ පිහිටි රෝහල් සඳහා අවශ්‍ය රුධිර ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින් 613 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියට අයත් භට පිරිස් විසින් රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සදහා තම දායකත්වය ලබාදිම 2023 පෙබරවාරි මස 15 දින ප්‍රදේශිය රුධිර මධ්‍යස්ථානය, කඹුරුගමුවේදි සිදු කරන ලදි.
10th April 2023 12:57:24 Hours
ආරක්ෂක සේනා (බටහිර) ට අයත් 61 පාබල සේනාංකය යටතේ පාලනය වන 611 පාබල බලසේනාව සංවිධානත්වයෙන් 8 වන ගැමුණු හේවා මගින් තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ Tan Ngak Buay & Kee Meng Lang Foundation Limited හි මුල්‍ය අනුග්‍රහය මත රත්නපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 1500 කට වියළි සලාක මළු බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.
10th April 2023 12:56:37 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිය 16 වන සංවත්සරය 2023 පෙබරවාරි 11 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගීත්වයෙන් සමරන ලදී.
10th April 2023 12:55:50 Hours
ආරක්ෂක සේනා (බටහිර), ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 14 වන රෙජිමේන්තු අධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ ඒ යටතේ පිහිටුවා ඇති 1, 2 සහ 5 වන යාන්ත්‍රික බලකායන් හා යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත 2023 පෙබරවාරි 08 සහ 09 යන දිනයන්හිදී සංචාරය කරන ලදී.
10th April 2023 12:55:03 Hours
ගෝනවල - සිරිපැරකුම් ධර්ම විද්‍යාලයේ අභිනවයෙන් තේරිපත් වු පාසල් ශිෂ්‍ය නායකයින් සඳහා නායකත්වය පිළිබඳ වැඩමුළුවක් 2023 පෙබරවාරි 12 වන දින පැවැත්වු අතර, මෙම නායකත්ව වැඩමුළුව සදහා එම පාසල විසින් කරන ලද ඉල්ලිමකට අනුව 8 වන ශ්‍රී ලංකා පාබල බළඇණියට අයත් මේජර් එන් එම් ජී කේ සී නෙත්තිකුමාර ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ශාරීරික අභ්‍යාස උපදේශකවරයෙකුගේ සහය ලබා දෙන ලදී.
14th February 2023 12:26:57 Hours
ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ගේ උපදෙස් පරිදි , 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් ජී බී කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහ අණදෙන නිලධාරින්ගේ සමීප අධීක්ෂනය යටතේ 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාව සහ 2 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් 2023 පෙබරවාරි 12 වැනි දින උදෑසන Toyo Cushion Lanka පුද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාව තුළ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා තම උපරිම සහය ලබා දීමට කටයුතු කරන ලදි.
14th February 2023 12:21:40 Hours
මේ දිනවල දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය කඩිනම් කිරීමේ අරමුණින් පසුගිය සතිය තුළ රෝගීන් රැසක් වාර්තා වු අත්තනගල්ල සහ කොටිකාවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ පාලනය වන 14 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් 2023 පෙබරවාරි 6 සිට 11 දක්වා කාලය තුළ තවත් ඩෙංගු මර්දන වැඩසටහනක් සදහා සිය දායකත්වය ලබා දුනි.
09th February 2023 19:02:29 Hours
75 වන නිදහස් දින සැමරුමට සමගාමීව 2023 පෙබරවාරි 8 වන දින ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 3 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් මාතර තානායම සහ බ්‍රවුන්ස් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා තම දායකත්වය ලබාදුන් අතර, මේ සදහා රුහුණු විශ්වවිද්‍යාලය, වාරිමාර්ග දෙපාර්තුමේන්තුව, මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය සහ මාතර මහ නගර සභාවේ සහයෝගය ලබාදී ඇත.