26th January 2023 17:29:35 Hours
යටියන්තොට පොලිස් ස්ථානයේ ඉල්ලීම පරිදි ගල් වලක සිරවී සිටි නාඳුනන මළ සිරුරක් ඉවත් කර ගැනීම සඳහා 2023 ජනවාරි 24 වැනි දින පස්වරු වේ 611 වන පාබල බලසේනාවට අයත් යටතේ ඇති 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සමඟ යුද්ධ හමුදා සාමාජිකයින් තම සහය ලබා දෙන ලදි.
25th January 2023 16:43:10 Hours
කඩවත යෝර්ක් ජාත්‍යන්තර පාසල විසින් සංවිධානය සහ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය, නාරාහේන්පිට රුධිර බැංකුව එක්ව 2023 ජනවාරි මස 22 දින පාසල් පරිශ්‍රයේදී ලේ දන්දිමේ වැඩසටහනක් සිදුකර ඇත.
24th January 2023 16:17:50 Hours
කැලණිය රජමහා විහාරය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, 144 පාබල බළසේනාවට අයත් 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 1 ශ්‍රී ලංකා යුධ හමුදා පොලිසිය, 2 (V) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව, 18 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 1 බළඇණිය ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායට අනියුක්ත 200 කට අසාන්න යුද හමුදා සාමාජිකයින් විසින් 2023 ජනවාරි 21 දින සර්වරාත්‍රික ධර්මදේශනාවක් සංවිධානය කිරීම සඳහා ඔවුන්ගේ පුර්ණ සහය ලබා දුන් අතර, අනතුරුව භික්ෂූන් වහන්සේලා 1000 ක් උදෙසා 'හීල් දානය' සහ සිවිල් වැසියන් සදහා දන්සලක් පැවැත්විමටද තම දායකත්වය ලබාදෙන ලදි.
19th January 2023 15:47:38 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 143 වන පාබල බලසේනාව යටතේ පාලනය වන 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 3 ක සිසුන් සඳහා 2023 ජනවාරි 18 වන දින පාසල් පරිශ්‍රයේදී වෙන් වෙන් වශයෙන් පෝෂදායි දිවා භෝජන සංග්‍රහයක් ලබාදෙන ලදී.
18th January 2023 16:43:07 Hours
ආරක්ෂක සේනා (බටහිර) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (සම්බන්ධීකරණ) වශයෙන් මේජර් පි අයි එන් ගෝමස් ශ්‍රිලකාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජනවාරි 17 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
18th January 2023 16:33:30 Hours
61පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්එම්යු හේරත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සේනාංකාධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව ප්‍රථම නිල සංචාරය 612 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත 12 වන ශ්‍රි ලංකා ඉංජිනේරු බලකාය සහ 1 වන ශ්‍රි ලංකා පුරෝගාමි බලකාය වෙත 2023 ජනවාරි 13 දින සංචාරය කරන ලදි.
13th January 2023 11:30:33 Hours
2023 ජනවාරි 12 වන දින යුද්ධ හමුදා ජනපදය පනාගොඩ පිහිටි රෙම ශ්‍රිලපාහ දේශණ ශාලාවේදී ආරක්ෂක සේනා (බටහිර) සංවිධානත්වයෙන් වත්මන් ආරක්ෂක තත්ත්වය තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ ක්ෂේත්‍ර මෙහෙයුම් වලදී පවතින නීතිමය රාමුව යටතේ යුද හමුදාව සහ පොලිසිය සමග සම්බන්ධීකරණය යන මාතෘකාව යටතේ මෙම ආසේමු බලප්‍රදේශයට අයත් භඨ පිරිස් සහභාගිත්වයෙන් දේශණයක් සංවිධානය කළ අතර, ඒ සදහා නිලධාරීන් 90 දෙනෙකු සහ සෙසු නිලයින් 270 දෙනෙකු සහභාගී විය.
12th January 2023 18:51:43 Hours
2023 ජනවාරි 11 වන දින පනාගොඩ යුධ හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේදී මියගිය රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම සහ ආබාධිත සෙබළුන්ට, සේවයේ නියුතු යුධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සෙත්පැතිමේ අරමුණින් බෝධි පූජාවක් පවත්වන ලදී.
12th January 2023 18:49:19 Hours
මානුෂීය මෙහෙයුමට සක්‍රීයව දායක වූ සෙබළුන්ගේ අධ්‍යාත්මික අරමුණු කරගනිමින් කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානය මගින් 2023 ජනවාරි 08 දින භාවනා වැඩසටහනක් සංවිධානය කරන ලදි.
12th January 2023 18:45:50 Hours
ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයේ පිහිටි 143 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් භටපිරිස් කුරුණෑගල ශික්ෂණ රෝහලේ 2023.01.09 දින වැඩවර්ජනයක නිරත හෙද සහයක සහ සුළු කාර්ය මණ්ඩල ලිපිකරු සෞඛ්‍ය සේවා නිසි පරිදි ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය සහය රෝහල් බලධාරින්ගේ ඉල්ලිම පරිදි ලබාදෙන ලදි.