Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:38:24 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් වයඹ පුහුණු ආයතනයේ පැවැත්වූ වැඩමුළුවකට සහාය වෙති

"හරිත නියමුවෝ" යන තේමාව යටතේ පවත්වන ලද හෙට ලොව දකිනා සිසු පරපුර ආහාර සුරක්‍ෂිතතාවය සඳහා දායක කරගැනීම උදෙසා කෘෂිකාර්මික හා නායකත්වය වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගයෙන් 2023 මාර්තු මස 01 වන දින වාරියපොල වයඹ පුහුණු ආයතන පරිශ්‍රයේදී පවත්වන ලදී .

මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීම සඳහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති ගේ උපදෙස් මත 143 වන පාබල බලසේනාවේ බලසේනාදිපති සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී තුමන්ගේ අධීක්ෂණයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් තම දායකත්වය ලබා දෙන ලදී.

මෙම වැඩසටහන සඳහා දඹදෙණිය මහා විද්‍යාලය සහ නිකවැරටිය ජයන්ති නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 70 දෙනෙකු සහභාගී විය.

වැඩමුළුව සඳහා යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශකවරුන් ලබා දීමෙන් මෙන්ම න්‍යායාත්මක හා ප්‍රායෝගික කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතුළත් නායකත්ව ක්‍රියාකාරකම් රැසක් පවත්වමින් යුද හමුදා සාමාජිකයින් මෙම වැඩසටහන සඳහා සහය විය.