10th May 2023 18:14:18 Hours
මීගමුව කටුවාපිටිය සහ සෙල්ලකන්ද ග්‍රාම නිලධාරී කොට්ඨාශවල සිකුරාදා (5) දින ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුකළ මුදවාගැනීමේ මෙහෙයුම්වලින් අනතුරුව 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් ගංවතුර උවදුරෙන් අවතැන් වූ පවුල් වෙනුවෙන් පිසූ ආහාර පාර්සල් 400 කට අධික ප්‍රමාණයක් බෙදාදෙනු ලැබීය.
10th May 2023 18:10:50 Hours
වේයන්ගොඩ ගුණසිරි සගබෝ විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ දහම් පාසැල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වලට ආධාර පිණිස සංවිධනය කර ඇති වෙසක් තොරණේ සහ වෙසක් කලාපය සාර්ථක කර ගැනීම සදහා 2023 මැයි 03 වන දින 6 වන ශ්‍රීලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් සිය ශ්‍රම දායකත්වය ලබා දී ඇත.
10th May 2023 18:07:51 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) වාර්ෂික වෙසක් සැරසිලි, වෙසක් උත්සවයේ පළමු දිනට පෙර, 2023 මැයි 04 වන දින සවස ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති විසින් විවෘත කරන ලදී.
10th May 2023 18:03:20 Hours
කොළඹ ෂෙරටන් හෝටලයේ (the Sheraton Hotel, Colombo) නිලධාරීන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් පානළුව යුද්ධ හමුදා වෙඩිපිටිය පරිශ්‍රයේ ‘කුඹුක්’ පැළ 100 ක් සිටුවීමේ වැඩසටහනක් 2023 මැයි මස 03 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
10th May 2023 18:00:30 Hours
දීප ව්‍යාප්ත ඩෙංගු මර්දනය කිරීමේ ජාතික ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 141 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් ඩෙංගු රෝගීන් බහුලව වාර්ථා වන අත්තනගල්ල, බියගම, කැලණිය, වත්තල, රාගම, ජා-ඇල සහ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්රදේශයන් ආවරණය වන පරිදි 2023 අප්‍රේල් මස 27 දින සිට මැයි මස 02 දින දක්වා ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.
10th May 2023 17:54:38 Hours
රාජ්‍ය වෙසක් උත්සවය 2023 මැයි 03 සිට 09 දක්වා කබල්ලාව - හලාවත 'ශ්‍රී රතනසිරි නාහිමි මහ පිරිවෙන' හිදී පැවැත්විමට නියමිතව ඇත.
02nd May 2023 11:13:39 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 142 පාබල බලසේනාවේ 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් 2023 අප්‍රේල් 29 වන දින මීගොඩ භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී.
02nd May 2023 11:11:17 Hours
මාතර රාහුල විද්‍යාලයේ 100 වැනි සංවත්සරය නිමිත්තෙන් ‘විද්‍යාභිමානී 2023’ නමින් අධ්‍යාපනික ප්‍රදර්ශනයක් 2023 අප්‍රේල් 25, 26 සහ 27 යන දිනවල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
02nd May 2023 11:09:12 Hours
2023 අප්‍රේල් 28 වන දින Link Natural Pvt Ltd සමග සහයෝගීතාවයෙන් මෙන්ම යුධ හමුදා සේවා වනිතා ඒකකයේ (ASVU) මගපෙන්වීම යටතේ පනාගොඩ 'විරු කැකුළු' පෙර පාසල විසින් ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු පරිශ්‍රයේ පනාගොඩ 'විරු කැකුළු' පෙරපාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකාව වන හිමාලි පුස්සැල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් 'සුදන්ත සමග විරු කැකුළු මුවහසරලි' යන තේමාව යටතේ ජංගම දන්ත වෛද්‍ය සායනයක් සංවිධානය කරන ලදී.
02nd May 2023 11:07:19 Hours
144 වන පාබල බලසේනාවේ සමීප අධීක්ෂණය යටතේ, 1 වන ඉංජිනේරු සේවා බළකායේ සහ 2 (සෙවි ) ශ්‍රී ලංකා පාබල හමුදාවේ යුධ හමුදා භට පිරිස් විසින් බත්තරමුල්ල, අරුප්පිටිය ශ්‍රී ශාන්ති යෝගාශ්‍රමය විහාරස්ථානයේ පසුගියදා කඩා වැටී තිබූ අඩි 60ක් දිග සහ අඩි 20ක් උසැති බැම්මක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔවුන්ගේ සහයෝගය මෙන්ම තම ශ්‍රමය ලබා දෙන ලදී.