Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

01st June 2023 15:56:44 Hours

මීගොඩ ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට බටහිර භට පිරිස් සහය විය

මීගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ගෘහභාණ්ඩ අලෙවිසැලක 2023 මැයි 30 වැනි දින අලුයම හදිසියේ ගින්නක් හටගත් අතර එම ගින්න අවට ප්‍රදේශවලට වැඩි හානියක් සිදු වීමට පෙර කෝට්ටේ ගිනි නිවන ඒකකය සහ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව ගින්න පාලනය කිරීමට සමත් විය.

මෙම ක්‍රියාන්විතයට ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි, 142 පාබල බලසේනාවට අයත් 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුවේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත්, නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු යුධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහ ආරක්‍ෂක සේනා මූලස්ථාය (බටහිර) ජල බවුසරයක් කෝට්ටේ ගිනි නිවන ඒකකය සමඟ කඩිනමින් එම ස්ථානයට ගොස් ගින්න මැඩපැවැත්වීමට සහය විය.

මේ අතර, කෝට්ටේ ගිනි නිවන ඒකකය සමඟ යුද හමුදා නිලධාරීන්ගේ කඩිනම් ප්‍රතිචාර දැක්වීමෙන් පැය කිහිපයක් ඇතුළත ගින්න පාලනය කිරීමට හැකි විය. මෙම ක්ෂණික මැදිහත්වීම නිසා තත්ත්වය උග්‍රවීම වැළැක්වූ අතර අවට ප්‍රදේශවලට වැඩි හානියක් වළක්වා ගැනීමට ද එය ඉවහල් විය. යුද හමුදා නිලධාරීන් සහ කෝට්ටේ ගිනි නිවන ඒකකය ගින්න පාලනය කිරීමට සහ එය තවදුරටත් පැතිර නොයාමට වගබලා ගැනීමට වෙහෙස නොබලා කටයුතු කළහ.

මෙහිදී 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්, 142 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් සහ 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි තුමන්ලාගේ පූර්ණ අධීක්ෂණය යටතේ යුධ හමුදාවේ සහය ලබා දෙන ලදී. තවද, මෙම හදිසි අවශ්‍යතාවයට යුධ හමුදා සාමාජිකයින් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම මනාව පෙන්නුම් කළ අවස්ථාවක් විය.