01st June 2023 16:00:09 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නව මාණ්ඩලික නිලධාරි 1 (පාලන) ලෙස ලුතිනන් කර්නල් එස් එම් පී එස් සමරසිංහ ආර්එස්පී යුඑස්පී ශ්‍රීලංසිරෙ (නි/65087) යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023 මැයි මස 31 වන දින සුබ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.
01st June 2023 15:56:44 Hours
මීගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ගෘහභාණ්ඩ අලෙවිසැලක 2023 මැයි 30 වැනි දින අලුයම හදිසියේ ගින්නක් හටගත් අතර එම ගින්න අවට ප්‍රදේශවලට වැඩි හානියක් සිදු වීමට පෙර කෝට්ටේ ගිනි නිවන ඒකකය සහ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව ගින්න පාලනය කිරීමට සමත් විය.
01st June 2023 15:50:45 Hours
වයඹ අභ්‍යාස ආයතනය සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සමඟ එක්ව “හරිත නියමුවෝ” තේමා කරගත් වැඩමුළුවක් පසුගියදා 2023 මැයි 27 වැනි දින වාරියපොළ වයඹ අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෝන්වැව මහා විද්‍යාලය සහ R.G.සේනානායක මහා විද්‍යාලයේ සිසුන් 70කගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
01st June 2023 15:46:48 Hours
ආරක්ෂක සේනා(බටහිර) යටතේ ඇති 143 පාබල බලසේනාවට අයත් 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හලාවත සිරි සුජාතා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් 23 දෙනෙකු සඳහා 'නායකත්වය' යන මාතෘකාව යටතේ දෙදින පුහුණු වැඩමුළුවක් පාසල් බලධාරීන්ගේ ඉල්ලීම පරිදි 2023 මැයි 20 සහ 21 යන දිනයන්හිදී එම පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
30th May 2023 11:58:42 Hours
බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් ආවරණය කරමින් පොලිස් නිලධාරීන් සහ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සහයෝගීතාවයෙන් 2023 මැයි 12 දින සිට 26 දින දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ ඇති 142 වන පාබල බළසේනාවේ භට පිරිස් විසින් ඩෙංගු මර්දන වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.
30th May 2023 11:53:40 Hours
14 වැනි ජාතික රණවිරු දිනයට සහ 61 වන පාබල සේනාංකයේ 15 වැනි සංවත්සර උත්සවයට සමගාමීව කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි සිසුන්ගේ සහයෝගයෙන් පවත්වන "රණවිරු අභිනන්දන පුජා 2023" වැඩසටහන යටතේ 61 පාබල සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු සෙසු නිලයින් සහ සිවිල් සේවකයින්ගේ දුවා දරුවන් සඳහා නොමිලේ පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
24th May 2023 15:32:05 Hours
2023 මැයි 20 වන දින බංගගිරිය චැලෙන්ජස් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ප්‍රවීන් අභියෝගතා කුසලාන එල්ලේ තරඟාවලිය - 2023 බංගදෙණිය කරුක්කුලිය විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වූ අතර, මෙම තරගාවලියට ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කණ්ඩායම ඇතුළු කණ්ඩායම් හතරක් සහභාගි විය.
19th May 2023 08:49:52 Hours
කොළඹ යුධ හමුදා රෝහල විසින් සිදුකරන ලද "නිරෝගී දැයක් නිරෝගී හමුදාවක් " යන තේමාව යටතේ 2023 මැයි 17 වන දින, පනාගොඩ, යුධ හමුදා කඳවුරේ, ඉංජිනේරු සේවා රෙජිමේන්තු දේශන ශාලාවේදී පැවැත්වූ දේශනයක් සදහා ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) භටපිරිස් සහභාගී විය.
18th May 2023 12:08:01 Hours
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයේ මුලටියන බැරගම (නැගෙනහිර) සහ බැරගම (බටහිර) ග්‍රාමනිලධාරී වසම්වල පානීය ළිං ජලය අපවිත්‍ර වීම හේතුවෙන් මහජනතාව මහත් පීඩාවට සහ ඔවුන් හට බරපතල ලෙස සෞඛ්‍ය අවදානමක් ද ඇති කරන අතර ප්‍රදේශවාසීන් විසින් කළ ඉල්ලීමකට අනුව 2023 මැයි මස 16 වන දින යුද්ධ හමුදා භටපිරිස් විසින් එම පානීය ජල ළිං පිරිසිදු කර දීමට සහය ලබා දී ඇත.
18th May 2023 12:03:34 Hours
මාතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව වැල්ලේතොට ප්‍රදේශයේ රෝගාතුරව සිටි අවුරුදු 3 ක කුඩා දරුවකු බේරාගැනීමට 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් කඩිනමින් ක්‍රියා කර ඇත.