26th April 2023 11:31:25 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 143 පාබල බලසේනාව සහ 16 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිසි සම්බන්ධීකරණයෙන් මෙන්ම මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ටිඩී වීරකෝන් ආර්එස්පි යුඑස්පි විඑස්වී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහ උද්‍යානි මුණසිංහ මහත්මියගේ සහ සමීප මිතුරන් පිරිසකගේ අනුග්‍රහය ඇතිව තවත් ප්‍රජා වැඩසටහනක් 2023 අප්‍රේල් 22 වන දින තබ්බෝව පුරාණ රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම වැඩසටහන මගින් කරුවලගස්වැව ප්‍රදේශයේ පදිංචිව ගැබිණි මව්වරුන් 50 දෙනෙකු සදහා පෝෂධායි ආහාර මළු 50ක් මෙන්ම ඇඳුම් පැළඳුම් සහ ළදරු සදහා වන අවශ්‍යතා මෙන්ම එම ප්‍රදේශයේ පාසල් ළමුන් සදහා පාසල් උපකරණ තොගයක් ලබාදීමට කටයුතු සංවිධානය කරන ලදී.
26th April 2023 11:29:17 Hours
හයවන කෘෂිකාර්මික දැනුම වැඩිදියුණු කිරීමේ සහ නායකත්ව සංවර්ධන වැඩමුළුව "හරිත නියමුවෝ" තේමා කර ගනිමින් වයඹ පුහුණු ආයතනය සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගීතාවයෙන් 2023 අප්‍රේල් 22 වන දින වාරියපොල වයඹ පුහුණු ආයතන පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී නිශ්ශංක විද්‍යාලය, විද්‍යාලෝක විද්‍යාලය සහ උහුමීය විද්‍යාලයේ සිසුන් 70 දෙනෙකු සහභාගී විය.
26th April 2023 11:27:17 Hours
ලුතිනන් කර්නල් එස්එම්ජි සෝමතිලක ගරෙ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023.04.24 වන දින සුභ මොහොතින් ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) නව කර්නල් සම්බන්ධීකරණ (සෙව්) ලෙස තම තනතුරෙහි වැඩභාර ගන්නා ලදී.
26th April 2023 11:25:14 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ ඇති 142 පාබල බසේමු බළප්‍රදේශයේ ස්ථාපිත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරි සහ සෙසු නිළයින් විසින් කොළඹ මහානාම විද්‍යාලයේ ශිෂ්‍යභට භට ඛණ්ඩය සදහා සිතියම් කියවීම පදනම් කරගත් වැඩමුළුවක් එම පාසල් පරිශ්‍රයේදී 2023 අප්‍රේල් 19 වන දින පැවැත්වීමට තම සහය ලබාදීමට කටයුතු කර ඇත.
20th April 2023 15:20:00 Hours
ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ මග පෙන්විම යටතේ 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ උපදෙස් පරිදි 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ යුද්ධ හමුදා භට පිරිස් විසින් තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක් සම්බන්ධීකරණය කරමින් රුපියල් 80000.00 ක් පමණ වටිනා පාසල් උපකරණ සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය තොගයක් වාරියපොල - තඹරාව ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් අතර 2023 අප්‍රේල් 04 දින පාසල් පරිශ්‍රයේදී බෙදා හරිනු ලැබීය.
19th April 2023 15:15:44 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ ඇති 61 වන පාබල සේනාංක මූලස්ථානය වෙත අයත් ආසේඉ - බූස්ස කදවුරට අනුයුක්තව රාජකාරි කරනු ලබන සාසෙ කුමාර ආර්.ජී.ඩී නමැති යුද හමුදා සෙබළා විසින් 2023 අප්‍රේල් 18 වන දින බූස්ස දුම්රිය ස්ථානයේදී සොරෙකු අල්ලාගෙන රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු සිදුකර ඇත.
19th April 2023 09:38:18 Hours
පාමංකඩ සුදුවැල්ල ප්‍රදේශයේ සිය දෙමාපියන් සමග ඥාති නිවසකට ගොස් සිටියදී රන්කැට ගඟේ ඉකුත් 2023 අප්‍රේල් මස 15 වන දින දියේ ගිලී අතුරුදන් වූ අවුරුදු දෙකහමාරක කුඩා දරුවෙකු සොයා ගැනීමට 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා පුරෝගාමී බළකායේ යුධ හමුදා සාමාජිකයින් සිය දායකත්වය ලබාදී ඇත.
19th April 2023 09:35:07 Hours
කැලණිය ප්‍රදේශයේ ප්ලාස්ටික් වෙළඳසැලක විදුලි කාන්දුවක් හේතුවෙන් හදිසියේ ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සදහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 141 වන පාබල බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් සහය ලබාදීමට කටයුතු කර ඇත.
19th April 2023 09:32:14 Hours
සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ සේවයේ නියුතු සිවිල් සේවකයින් 25 දෙනෙකුහට හට ත්‍යාග බෙදාදීමේ වැඩසටහනක් 2023 අප්‍රේල් 11 වන දින ආරක්ෂක සේනා මූලස්ථාන (බටහිර) ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
19th April 2023 09:31:00 Hours
සමුද්‍රිය පරිසර ආරක්ෂා අධිකාරිය මාතර දිස්ත්‍රික් කාර්යාලය මගින් සංවිධානය කල වෙරළ හා කොරල්පර පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 61 වන පාබල බළප්‍රදේශයෙහි ස්ථාපිත 3 (සෙව්) ගැමුණු හේවා බළඇණිය වෙත අයත් යුධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් හා සම්පත් බැංකුව, වැලිගම බේ, ඩයිව් සෙන්ටර් සහ නාරා ප්‍රාදේශිය කේෂත්ර මධ්‍යස්ථානයෙහි අනුග්‍රහකත්වයෙන් 2023 අප්‍රේල් 10 වන දින වැලිගම කප්පරතොට වෙරළ ප්‍රදේශයේදී පවත්වන ලදී.