Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

16th May 2023 10:31:22 Hours

බටහිර භටපිරිස් , පූගොඩ - දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයේ අවහිරතා ඉවත් කරයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් පනන්වල නගරය අසල පූගොඩ - දෙල්ගොඩ ප්‍රධාන මාර්ගය අවහිර වන සේ වැටී තිබූ විශාල ‘නුග’ ගසක් ඉවත් කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා (11) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ඇති 14 පාබල සේනාංකයේ 141 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී කටයුතු කළහ.

ගස කඩා වැටීම හේතුවෙන් පූගොඩ - දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධාවී තිබූ අතර, මාර්ගය දෙපස පිහිටි නිවාස තුනකට ද අලාභ හානි සිදුවී තිබුණි.

8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් 5 දෙනෙකු සහ සෙසු නිලයින් 35 දෙනෙකු එම ස්ථානයට පැමිණ දොම්පේ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගේද සහාය ඇතිව නුග ගස පාරෙන් ඉවත් කර මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත්කරනු ලැබූහ.

මෙම සිදුවීමෙන් එම නිවාසයන්හි සිටි සුළු තුවාල ලැබූ සිවිල් වැසියන් සිව් දෙනෙකු රෝහල් ගත කිරීමත් එම නිවැසියන්ගේ බඩු බාහිරාදිය ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යාමටත් භටපිරිස් සහාය ලබා දුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 141 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරීගේ අධීක්‍ෂණය මත භටපිරිස් විසින් මෙම කටයුත්ත සිදුකරන ලදී.