Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th May 2023 11:52:22 Hours

මංගල නිශාන්ත අනුස්මරණ එල්ලේ තරගාවලියේ ශූරතාව යුද හමුදා එල්ලේ කණ්ඩායම වෙත

රත්නගිරිය වික්ටරි ක්‍රීඩා සමාජය විසින් 11 වැනි වරටත් සංවිධානය කරන ලද මංගල නිශාන්ත අනුස්මරණ එල්ලේ තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කණ්ඩායම ඇතුළු කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් 2023 මැයි 14 වැනි දින මාදම්පේ දුම්මලසූරිය වික්ටරි ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.

මෙම තරගාවලියේ පළමු වටයේ තරගවලින් ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කණ්ඩායම, බදුරාගොඩ එක්සත් ක්‍රීඩා සමාජ එල්ලේ කණ්ඩායම සහ ගණේමුල්ල වාසනා ක්‍රීඩා සමාජ කණ්ඩායම ජයග්‍රහණය කළ අතර, ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කණ්ඩායම ජය පරාජයෙන් තොරව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.

අනතුරුව අවසන් පූර්ව තරගයට බදුරාගොඩ එක්සත් ක්‍රීඩා සමාජය සහ ගණේමුල්ල වාසනා ක්‍රීඩා සමාජය තේරී පත්වූ අතර, බදුරාගොඩ එක්සත් ක්‍රීඩා සමාජය පන්දු 25කදී ලකුණු 05ක් ලබාගත් අතර ගණේමුල්ල වාසනා ක්‍රීඩා සමාජය පන්දු 11කදී ලකුණු 06ක් ලබාගෙන ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කණ්ඩායම සදහා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

අවසන් මහා තරගයේදී යුධ හමුදා එල්ලේ කණ්ඩායම පන්දු 30කදී ලකුණු 10ක් රැස්කළ අතර, ගනේමුල්ල වාසනා සමාජ කණ්ඩායමට පන්දු 24කදී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 03ක් පමණි. අවසානයේ ගණේමුල්ල වාසනා සමාජ කණ්ඩායම පරදවා 11 වැනි මංගල නිශාන්ත අනුස්මරණ එල්ලේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ඒල්ලේ කණ්ඩායම සමත් විය.

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කණ්ඩායම විසින් දක්වනු ලැබූ විශේෂ දක්ෂතාවයක් වූයේ පළමු වටයේ සහ අවසන් මහා තරග දෙකේදීම ප්‍රතිවාදීන් තනි ඉලක්කම් ලකුණු සංඛ්‍යාවකට සීමා කරමිනි. අවසන් මහා තරගයේදී යුද හමුදා එල්ලේ පිලේ නායක සාසෙ පෙරේරා හතරක් සහ සාසෙ චතුරංග උඩපන්දු පහක් වශයෙන් අපුරු දක්ෂ පන්දු රැකීමට නිරත වූහ. ඒ සමගම ශ්‍රී ලංකා යුද හමුදාවේ පිතිකරණය ද ඒ හා සමානව ආකර්ෂණීය වූ අතර, අවසන් මහා තරගයේදී කණ්ඩායම ලකුණු දහයක් රැස් කළ අතර එය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් විය.

තවද 11 වැනි මංගල නිශාන්ත අනුස්මරණ එල්ලේ තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කණ්ඩායම ජයග්‍රහණය කිරීම ඒම කණ්ඩායමේ දස්කම් අසමසම වීම සහ ඔවුන් වෙහෙස මහන්සි වී ක්‍රීඩාව වෙනුවෙන් කළ කැපවීම මනාව පෙන්නුම් කරයි.