10th April 2023 14:25:42 Hours
ආසේමු (බටහිර) ආඥාපති තුමන්ගේ අනුමැතිය මත 61 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් එචිඑමියු හේරත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පී පීඑස්සි එච්ඩිඑම්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සහ 613 පාබල බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් කේවීඅයිඑල් ජයවීර යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සහභාගිත්වයෙන් සහ මග පෙන්වීම මත 3 (සෙව්) ගැහේබ ඒකක අණදෙන නිළධාරි මේජර් පීඒජිඒපී මඩිත්තපොල යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය යටතේ ආසේමු (බටහිර) යටතේ පාලනය වන 61 පාබල සේමු යටතේ ඇති 613 බසේමු බළප්රෙදශය තුල ස්ථාපිතව ඇති මාතර එළියකන්ද සිට නිල්වලා ගං මෝයකට දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 මාර්තු මස 27 දින සිදුකරන ලදී.
10th April 2023 14:24:50 Hours
ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (බටහිර) ’ආඥාපති අභියෝගතා කුසලාන’’ වොලිබෝල් තරඟාවලිය 2023 මාර්තු 27 වන දින ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බළකායේ වොලිබෝල් ක්‍රීඩාංගණයේදී සහ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ වොලිබෝල් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
10th April 2023 14:24:12 Hours
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අනුග්‍රහය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සංවිධානත්වයෙන් ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකය වෙත අයත් 613 පාබල බලසේනාව වෙත අයත් 14 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් සහභාගිත්වයෙන් වෙරළබඩ ආසන්නයේ ඉහළ සුනාමි අවදානමක් ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ මාගල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේදී 2023 මාර්තු 24 වන දින සුනාමි පෙරහුරු සුදානම පිළිබද වැඩසටහනක් පවත්වන ලදී.
10th April 2023 14:19:26 Hours
ආරක්ෂක සේනා (බටහිර) අයත් 14 වන පාබල සේනාංකයේ වෙත අයත් 142 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ගැමුණු හේවා බළඇණියේ සහ 14 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2023 මාර්තු 22 සහ 23 දිනයන්හි බොරලැස්ගමුව මහා විද්‍යාලයේ වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා තරඟාවලියේ තරග විනිසුරුවන් ලබාදෙමින් සහය වු අතර, ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මඟපෙන්වීම යටතේ පාසල් බලධාරීන්ගේ ඉල්ලීම මත භට පිරිස් සහය ලබා දෙන ලදී.
10th April 2023 14:18:18 Hours
61පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යු හේරත් ආර්ඩබිලිවිපී ආර්එස්පී වීඑස්වී එචිඩිඑම්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත එම සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිළධාරි වශයෙන් රාජකාරි කරනු ලබන ලුතිතන් කර්නල් ජේඊඑල් ද සොයිසා ශ්‍රිලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් එම සේනාංක මුලස්ථානයේ සේවය කරන සිවිල් සේවක මහත්මියකගේ ආබාධිත දරුවෙකු වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සහ එම කදවුරේ රාජකාරි කරන යුද්ධ හමුදා සමාජිකයෙකුගේ දරුවන් 05 දෙනෙකු වෙනුවෙන් රු.90000.00 ක් පමණ වටිනා පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් 61 පාබල සේනාංක මුස්ථානයේ පවත්වන ලදි.
10th April 2023 14:16:23 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලන වන 14 පාබල සේනාංකය වෙත අයත් 142 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 15 වන ඩ්‍රෝන රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 3 වන සංවත්සරයට සමගාමීව, 2023 මාර්තු මස 20 වන දින භට පිරිස් සහභාගිත්වයෙන් මහරගම අපේක්ෂා රෝහල වෙත නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සදහා අවශ්‍ය සහල්, පරිප්පු, නූඩ්ල්ස් ඇතුළු වියළි සළාක ද්‍රව්‍යයන්ගෙන් සමන්විත රුපියල් 115,000/= ක් වටිනා වියළි සළාක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් සිදුකරන ලදී.
10th April 2023 14:15:31 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනාවට යටතේ ස්ථාපිත 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියට අයත් භටපිරිස් ගොඩේවත්ත විහාරස්ථානයේ බෝධිය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් 2023 මාර්තු මස 15 වන දින ක්‍රියාත්මක කිරීමට දායකවිය.
10th April 2023 14:14:00 Hours
යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙම ආරක්ෂක සේනා බල ප්‍රදේශයට අයත් රෝහල් වල 2023 මාර්තු මස 15 දින ක්‍රියාත්මක වු වැඩවර්ජනය හේතුවෙන් රෝහල් බලධාරින්ගේ ඉල්ලිමට අනුව 14 වන පාබල සේනාංකය සහ 61 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් වෙත රෝහල්වල දෛනික කාර්යයන් පවත්වාගෙන යෑම සදහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි.
10th April 2023 14:13:52 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 පාබල සේනාංකය වෙත අයත් 611 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 වන සිංහ රෙජිමේන්තුවට අයත් භටපිරිස් 2023 මාර්තු මස 13 වන දින කෑගල්ල රංවල ප්‍රදේශයේ තාවකාලික නිවාස දෙකක්තුල ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්විම සදහා සහය දැක්විය.
10th April 2023 14:12:56 Hours
ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 14 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 143 පාබල බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 2023 මාර්තු මස 10 වන දින සිට 11 දින දක්වා දිනයන්හි කුරුණෑගල දිසිත්රික්කයට අයත් ගිරිඋල්ල අධ්‍යාපන කලාපයයේ පිහිටි ගිරිඋල්ල මැද්දෙපොල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක තීන්ත ආලේප කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා දායකත්වය ලබාදි ඇත.