Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

20th April 2023 15:20:00 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) යුද්ධ හමුදා සෙබලුන් විසින් වාරියපොල ප්‍රදේශයේ තවත් ප්‍රජා ව්‍යාපෘතියක් සම්බන්ධීකරණය කරයි

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ මග පෙන්විම යටතේ 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ උපදෙස් පරිදි 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ යුද්ධ හමුදා භට පිරිස් විසින් තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක් සම්බන්ධීකරණය කරමින් රුපියල් 80000.00 ක් පමණ වටිනා පාසල් උපකරණ සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය තොගයක් වාරියපොල - තඹරාව ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් අතර 2023 අප්‍රේල් 04 දින පාසල් පරිශ්‍රයේදී බෙදා හරිනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය සඳහා සණස සංවර්ධන බැංකුවේ ශාඛා කිහිපයක් අනුග්‍රහය දක්වන ලද අතර, ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් මත 143 වන පාබල බලසේනාවේ බලසේනාධීපතිතුමාගේ මගපෙන්වීම යටතේ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් වැඩසටහන සදහා සියලු කටයුතු සුදානම් කරන ලදී. මෙම වැඩසටහන සදහා සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නිලධාරින්, සෙසුනිලයින් සහ පාසල් ගුරුවරුන් කිහිප දෙනෙකු සහභාගීවීය.