Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd May 2023 11:07:19 Hours

අරුප්පිටිය ශ්‍රි ශාන්ති යෝගාශ්‍රමය බත්තරමුල්ල ප්‍රතිසංස්කරණය කිරීමට ආරක්ෂක සේනා (බටහිර) යුද්ධ හමුදා භට පිරිස් දායක වෙයි

144 වන පාබල බලසේනාවේ සමීප අධීක්ෂණය යටතේ, 1 වන ඉංජිනේරු සේවා බළකායේ සහ 2 (සෙවි ) ශ්‍රී ලංකා පාබල හමුදාවේ යුධ හමුදා භට පිරිස් විසින් බත්තරමුල්ල, අරුප්පිටිය ශ්‍රී ශාන්ති යෝගාශ්‍රමය විහාරස්ථානයේ පසුගියදා කඩා වැටී තිබූ අඩි 60ක් දිග සහ අඩි 20ක් උසැති බැම්මක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔවුන්ගේ සහයෝගය මෙන්ම තම ශ්‍රමය ලබා දෙන ලදී.

විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම පරිදි ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි මෙන්ම 144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ 2023 පෙබරවාරි 23 වන දින ඉදිකිරීම් ආරම්භ කර 2023 අප්‍රේල් 24 දින නිම කරන ලද අතර මෙම කාර්ය මාස 2කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවතිණි.

මෙම ව්‍යාපෘතිය අවසන් වූ පසු විහාරාධිපති හිමියන් විසින් 2023 අප්‍රේල් 26 වන දින විහාරස්ථාන පරිශ්‍රයේ යුද්ධ හමුදාව වෙනුවෙන් අනුශාසනයක් හා ධර්ම දේශණයක් පවත්වමින් සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ආශිර්වාද කරන ලදී.