Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th April 2023 11:31:25 Hours

ආරක්ෂක සේනා (බටහිර) යුද්ධ හමුදා සෙබලුන් තවත් පුණ්‍ය කටයුත්තක් සම්බන්ධීකරණය කරයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 143 පාබල බලසේනාව සහ 16 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිසි සම්බන්ධීකරණයෙන් මෙන්ම මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ටිඩී වීරකෝන් ආර්එස්පි යුඑස්පි විඑස්වී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහ උද්‍යානි මුණසිංහ මහත්මියගේ සහ සමීප මිතුරන් පිරිසකගේ අනුග්‍රහය ඇතිව තවත් ප්‍රජා වැඩසටහනක් 2023 අප්‍රේල් 22 වන දින තබ්බෝව පුරාණ රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම වැඩසටහන මගින් කරුවලගස්වැව ප්‍රදේශයේ පදිංචිව ගැබිණි මව්වරුන් 50 දෙනෙකු සදහා පෝෂධායි ආහාර මළු 50ක් මෙන්ම ඇඳුම් පැළඳුම් සහ ළදරු සදහා වන අවශ්‍යතා මෙන්ම එම ප්‍රදේශයේ පාසල් ළමුන් සදහා පාසල් උපකරණ තොගයක් ලබාදීමට කටයුතු සංවිධානය කරන ලදී.

මෙම උදාර ප්‍රජා වැඩසටහනේ මුළු වියදම රු. 500,000.00 පමණ වන අතර, වැඩසටහන සදහා වන සියලුම සමිබන්ධීකරණ කටයුතු ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි, 14 වන පාබල සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී එම් එෆ් කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ සිදුකර ඇත.

තවද, මෙම වැඩසටහන අවසානයේදී සහභාගි වූවන් සඳහා රසවත් දිවා ආහාරයක් ලබාදීමට යුද්ධ හමුදා සාමාජිකයින් කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා 16 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, නිලධාරීන්, සෙසු නිලයින් සහ අනුග්‍රාහකයින් සහභාගී විය.