12th January 2023 18:43:18 Hours
2023 ජනවාරි 8 වන දින කරුවලගස්වැව ප්‍රදේශයේ කරුවලගස්වැව - පුත්තලම ඩි එස් සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබන පවුල් තුනකට අයත් අඩු ආදායම්ලාභි පාසල් දරුවන් අට දෙනෙකු වෙත නව පාසල් වාරය ආරම්භයට සමගාමීව රුපියල් 100,000.00 ක් වටිනා ලිපි ද්‍රව්‍ය, බෑග් සහ සපත්තු ආදිය පරිත්‍යාග කර ඇත. මේ සදහා අනුග්රහක දායකත්වය හැටන් නැෂනල් බැංකුවේ නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය ලෙස කටයුතු කරන තුෂාරි රණවීර මහත්මිය සහ ජාතික සංවර්ධන බැංකුවේ විශ්‍රාමික නිලධාරිනියක් වන කොරතොට මහත්මින් විසින්ය.
09th January 2023 19:01:53 Hours
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත 142 පාබල බලසේනාව විසින් 2023 ජනවාරි මස 02 දින නව වසරේ රාජකාරි ආරම්භ කිරිමට සමගාමිව කඳවුරු පරිශ්‍රය තුළදි සිවිල් සේවක මහතුන් හට වියළි සලාක බෙදා හැරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
09th January 2023 17:30:45 Hours
2023 ජනවාරි මස 05 වන දින ශාන්ත මරියා දෙමළ මධ්‍ය මහා විද්‍යාලය - කෑගල්ල ඉගෙනුම ලබන පාසල් දරුවන් වෙත පොත්පත් හා පාවහන් යුවල් ලබාදීමේ වැඩසටහනක් සිදුකරන ලද අතර, මේ සදහා මුල්‍යමය දායකත්වය හේමාස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාල මහත්මිය විසින් දක්වා ඇත. එහිදි පාසල් ළමුන් 50 දෙනෙකු සදහා පොත්පත් ලබාදීම සහ එම පාසලේ දරුවන් 15 දෙනෙකු සදහා පාවහන් යුවල් සහ ඊට අදාල මේස් යුවල් ලබාදීම එම පාසල් පරිශ්‍රයේදී සිදුකර ඇත.
09th January 2023 17:28:29 Hours
14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 15 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද පුණ්‍යමය වැඩසටහනක් 2023 ජනවාරි 03 සහ 04 යන දිනයන්හි එම කදවුරු පරිශ්‍රයේදී සිදුකරන ලදී. එහිදි පිරිත් සජ්ඣායනය, මහා සංඝරත්නය උදෙසා දානය (හීල් දානය) පිලිගැන්වීම සිදු කරන ලදී.
04th January 2023 15:26:24 Hours
ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි මෙම බළප්‍රදේශයට යටතේ පාලනය වන 61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 613 පාබල බලසේනාව යටතේ පිහිටි 3 (සෙවි) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් 2023 ජනවාරි මස 01 දින සවස් වරුවෙි මාතර මුහුදු තිරයේ දියනෑමට ගොස් මුහුදු රළ පහරට ගසාගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මුදවා ගෙන කඩිනමින් මාතර රෝහල වෙත යැවිමට කටයුතු කරන ලදි.
03rd January 2023 14:20:44 Hours
උදා වු 2023 වර්ෂය ආරම්භ කරමින් ආරක්ෂක සේනා (බටහිර) වෙතින් 2023 ජනවාරි මස 02 දින යුද්ධ හමුදා ජනපදය තුල පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයන් වෙත සහ ඒකකයන් වෙත කොස්, මී සහ මහෝගනී ඇතුළු පැල බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබිය.
03rd January 2023 14:18:59 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ 61 වන පාබල සේනාංක මුල්සථානයේ රාජකාරි නියුතු සිවිල් මහතුන් වෙත වියළි සලාක මළු බෙදාදීමෙි වැඩසටහනක් 2022 ජනවාරි 02 වන දින බූස්ස 61 වන පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකරන ලදී.
02nd January 2023 16:23:35 Hours
ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයට අයත් 14 පාබල සේනාංකය යටතේ පාලනය වන 143 පාබල බලසේනාවට අයත් බලප්‍රදේශයේ පසුගිය දිනයන්හි පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කූරුණෑගල දිසිත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කවිසිගමුව ග්‍රාම නිලධාරී වසමේ සහ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ළිං ජලය අපවිත්‍ර වීම හේතුවෙන් මහජනතාව පීඩාවට සිටි බැවින් ,එම ළිං පිරිසිදු කිරිම සදහා 1 ශ්‍රිලංජාආබමු එකකයට අයත් භඨපිරිස් සිය දායකත්වය ලබාදි ඇත.
02nd January 2023 16:21:43 Hours
මුලතිව් මානුෂීය මෙහෙයුමේදී තම ජිවිත පරිත්‍යාග කළ 14 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් සිහිපත් කිරීමේ අරමුණින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ 14 බලඇණිය විසින් 2022 දෙසැම්බර් 26 වන දින මාලිගාකන්ද ලෝරිස් ළමා නිවාසයේදි වැඩසටහනක් සංවිධානය කරන ලදි.
02nd January 2023 15:34:56 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ,ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 නව වසර සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සතුට සහ සෞභාග්‍යය සපිරි නව වසරක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව වසරේ පණිවිඩය පහතින් දැක්වේ: