Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:24:50 Hours

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති අභියෝගතා කුසලාන වොලිබෝල් තරඟාවලිය - 2023

ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (බටහිර) ’ආඥාපති අභියෝගතා කුසලාන’’ වොලිබෝල් තරඟාවලිය 2023 මාර්තු 27 වන දින ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බළකායේ වොලිබෝල් ක්‍රීඩාංගණයේදී සහ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ වොලිබෝල් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

තරඟාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගී වූ අතර, මෙම සමාරම්භක උත්සවය සදහා ආරක්ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූහ.

තවද, ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත පාබල සේනාංක සහ පාබල බලසේනා කණ්ඩායම් ඇතුළු කණ්ඩායම් 10 ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වදින අතර, තරගාවලිය 2023 මාර්තු මස 27 වන දින සිට 29 වන දින දක්වා පැවැත්වෙන බවත්, ඒහි අවසන් මහා තරගය 2023 අප්‍රේල් මස 03 වන යුද හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල - පනාගොඩ ගෘහස්ථ ක්‍රිඩාංගණයේදි පැවැත්වේ.