Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:26:25 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) භට පිරිස් රට තුළ ඉන්ධන බෙදා හැරීම සදහා සහය ලබාදෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් විසින් 2023 මාර්තු 28 දින ආරම්භ කරන ලද වැඩවර්ජනය හේතුවෙන් කොළොන්නාව ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානයේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සදහා ආරක්‍ෂක සේනා (බටහිර) භඨ පිරිස් සිය දායකත්වය ලබාදෙන ලදී.

මෙම කර්තව්‍ය සඳහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් පරිදි 144 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමා සහ 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරීගේ පුර්ණ අධීක්ෂණය යටතේ භට පිරිස් තම දායකත්වය ලබාදී ඇති අතර, 144 පාබල බලසේනාවේ භඨ පිරිස් සහ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භඨ පිරිස් මෙම කාර්ය සදහා තම ශ්‍රම දායකත්වය ලබා දී ඇත.

ඒ අනුව, රට තුළ ප්‍රමාදයකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ මෙන්ම ඉන්ධන බෙදා හැරීමේ බවුසර් රථ සඳහා ආරක්ෂාව සැපයීම, බෙදාහැරීමේ කටයුතු මෙන්ම අත්‍යවශ්‍ය පාලන කටයුතු සදහා භට පිරිස් දායකවිය.