02nd February 2023 08:52:12 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 613 පාබල බලසේනාව වෙත අයත් 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් දික්වැල්ල, වේහල්ල, සම්බෝධි වැඩිහිටි නිවාසයේ පිහිටි එහි ගොඩනැගිලි හතර තීන්ත ආලේප කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 ජනවාරි මස 23 වන දින සිට 28 වන දින සිදු කරන ලදි.
01st February 2023 17:06:33 Hours
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 87 කණ්ඩායමේ ප්‍රවීණයෙකු මෙන්ම දැනට ඉතාලියේ පදිංචිව සිටින ප්‍රභාත් ලියනගේ මහතා සහ රමේෂ් සභා මහතා විසින් ලබා දුන් අනුග්‍රහය මත හබරාදූව වල්ගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලකට රු. 100,000.00 ක වටිනිකමින් යුත් රෝද පුටුවක්, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ වියළි සලාක බෙදාදිමක් 2023 ජනවාරි මස 23 වන දින 61 පාබල සේනාංයේ පුර්ණ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලදි.
01st February 2023 17:03:20 Hours
වාද්දුව වේරගම ප්‍රදේශයේ වෙල්යායක 2023 ජනවාරි මස 28 වන දින සවස ඇතිවු ගින්නක් මැඩපැවැත්විම සදහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකය වෙත අයත් 612 පාබල බලසේනාවට යටතේ පාලනය වන 1 වන ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බළකායේ භටපිරිස් තම දායකත්වය ලබාදි ඇත.
01st February 2023 17:00:24 Hours
පසුගිය දිනයන්හි පැවැති අධික වර්ෂාවත් සමඟ දැඩිගමුව - කඩුවෙල ප්‍රදේශයේ කන්දක් මත සිට ගලක් පෙරළීමේ අවදානමක් මතුව ඇති බවට ප්‍රදේශවාසීන් විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම්දි මෙන් ඔවුන්ගේ ඉල්ලිම පරිදි. 2023 ජනවාරි මස 27 වන දින අලුයම එම ගල ඉවත් කරිම සදහා යුධ හමුදා සහය ලබාදි ඇත.
01st February 2023 16:37:05 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 14 පාබල සේනාංකය වෙත අයත් 144 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් පසුගිය දින කිහිපයේ ඇතිවු අධික වර්ෂාව හේතුවෙන් 2023 ජනවාරි 25 වන දින සවස් කාලයේ කොළොන්නාව - රාජගිරිය කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල මාර්ගයට කඩා වැටී තිබූ විශාල ගසක් කපා ඉවත් කිරීමට සහය ලබා දී ඇත.
26th January 2023 17:34:40 Hours
මුළු වටිනාකම රුපියල් 488,000.00 ක් වටිනා පාසල් උපකරණ, අභ්‍යාස පොත් සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසල් උපාංග විශාල ප්‍රමාණයක් බෙදා හැරීමේ වැඩසටහනක්, වේයන්ගොඩ පිහිටි දඩගමුව කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් සිසුන් 130ක් අතර 2023 ජනවාරි 24 දින බෙදාදීමට 141 වන පාබල බළසේනාවට අයත් 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සෙබළුන් කටයුතු කරන ලදි.
26th January 2023 17:29:35 Hours
යටියන්තොට පොලිස් ස්ථානයේ ඉල්ලීම පරිදි ගල් වලක සිරවී සිටි නාඳුනන මළ සිරුරක් ඉවත් කර ගැනීම සඳහා 2023 ජනවාරි 24 වැනි දින පස්වරු වේ 611 වන පාබල බලසේනාවට අයත් යටතේ ඇති 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සමඟ යුද්ධ හමුදා සාමාජිකයින් තම සහය ලබා දෙන ලදි.
25th January 2023 16:43:10 Hours
කඩවත යෝර්ක් ජාත්‍යන්තර පාසල විසින් සංවිධානය සහ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය, නාරාහේන්පිට රුධිර බැංකුව එක්ව 2023 ජනවාරි මස 22 දින පාසල් පරිශ්‍රයේදී ලේ දන්දිමේ වැඩසටහනක් සිදුකර ඇත.
24th January 2023 16:17:50 Hours
කැලණිය රජමහා විහාරය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, 144 පාබල බළසේනාවට අයත් 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 1 ශ්‍රී ලංකා යුධ හමුදා පොලිසිය, 2 (V) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව, 18 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 1 බළඇණිය ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායට අනියුක්ත 200 කට අසාන්න යුද හමුදා සාමාජිකයින් විසින් 2023 ජනවාරි 21 දින සර්වරාත්‍රික ධර්මදේශනාවක් සංවිධානය කිරීම සඳහා ඔවුන්ගේ පුර්ණ සහය ලබා දුන් අතර, අනතුරුව භික්ෂූන් වහන්සේලා 1000 ක් උදෙසා 'හීල් දානය' සහ සිවිල් වැසියන් සදහා දන්සලක් පැවැත්විමටද තම දායකත්වය ලබාදෙන ලදි.
19th January 2023 15:47:38 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 143 වන පාබල බලසේනාව යටතේ පාලනය වන 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 3 ක සිසුන් සඳහා 2023 ජනවාරි 18 වන දින පාසල් පරිශ්‍රයේදී වෙන් වෙන් වශයෙන් පෝෂදායි දිවා භෝජන සංග්‍රහයක් ලබාදෙන ලදී.