Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 12:58:05 Hours

3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සදහා තම දායකත්වය ලබාදෙයි

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 613 පාබල බලසේනා බල ප්‍රදේශයේ පිහිටි රෝහල් සඳහා අවශ්‍ය රුධිර ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින් 613 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියට අයත් භට පිරිස් විසින් රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සදහා තම දායකත්වය ලබාදිම 2023 පෙබරවාරි මස 15 දින ප්‍රදේශිය රුධිර මධ්‍යස්ථානය, කඹුරුගමුවේදි සිදු කරන ලදි.

කඹුරුගමුව ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ‌ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ‌ජෙනරාල් එච් එම් යු හේරත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එච්ඩිඑම්සි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන වෙත යුද්ධ හමුදා සෙබළුන් යොමුකිරිමට කටයුතු කර ඇත. මෙම ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහන සදහා එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 30 දෙනෙකු සහභාගී විය.

මෙම වැඩසටහන වෙ හමුදා දායකත්වය 613 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරී තුමන්ගේ පුර්ණ අධීක්ෂණය සිදු විය.