18th May 2022 20:24:17 Hours
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාධිපති ජෙනරල් එල්එචිඑස්සී සිල්වා ඩබිලිවිඩබිලිවිවී ආර්ඩබිලිවිපී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී එමිෆිල් උපදෙස් පරිදි COVID-19 වසංගතය පැතිරිම වැලැක්වීම සදහා එන්නත්කරණ වැඩසටහනක් විහාරමහා දේවි උද්‍යානයේදි අද දින (18) සිට පවත්වනු ලබයි. මෙහි සමිබන්ධීකරණ කටයුතු ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) අධික්ෂණය යටතේ සිදුකරනු ලබයි.
12th May 2022 17:30:37 Hours
61 වන පාබල සේනාංකයේ 16 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් මොහාන් රත්නායක 2022 මැයි මස 5 වන දින සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රධායානුකූලව රාජකාරි ආරම්භ කළේය.
23rd April 2022 09:19:08 Hours
ආරක්ෂක සේනා බටහිර ආඥාපති මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 141 වන පාබල මුලස්ථානයේ පුර්ණ අධීක්ෂණය යටතේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිවුලපිටිය දිස්ත්‍රික් රෝහලට අයත් අබලන් වූ කොවිඩි - 19 රෝගී වාට්ටුවක් සාමාන්‍ය වාට්ටුවක් ලෙස ප්‍රතිසංස්කරණය කර 2022 අප්‍රේල් මස 20 වන දින සම්පූර්ණ වැඩ අවසන් කර රෝහල් කාර්ය මණ්ඩලය වෙත භාර දෙන ලදී.
23rd April 2022 09:09:45 Hours
මබින වතුරපොත ප්‍රදේශයේ 2022.04.21 වන දින පෙරවරුවෙි අත්හැර දමා තිබු ගල්වලක දීරෟඝකාලීනව කසල දැමිම හේතුවෙන් ගින්නක් හටගෙන ඇති අතර ඒම ගින්න මැඩ පැවැත්විම සදහා 8 ශ්‍රිලපාහ ඒ්කකය වෙතින් 04 x 40 ක භට පිරිස් සහභාගි වු අතර ඒ් සදහා 141 පාබල බසේමු වෙතින් වතුර බවුසරයක් සහ ගමිපහ ගිනි නිවිමේ ඒකකයේ සහයද ලබා දී ඇත.
18th April 2022 14:59:18 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යහසාධක අධ්යක්ෂ මණ්ඩලයේ යහසාධක අරමුදලේ කාර්යභාරය සහ ප්රතිලාභ පිළිබදව දැනුවත් කිරිමෙි වැඩමුලුවක් ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබිලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) සංවිධානාත්වයෙන් රෙම ශ්‍රිලයුපොදුසේබ දේශණ ශාලාවේදි 2022.04.05 දින පවත්වන ලදි.
06th April 2022 12:24:11 Hours
141 පාබල බසේමු හා ගමිපහ ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකරණය ඇතිව 2022.03.25 සහ 29 යන දෙදින තුළ ආපදා කළමනාකරණය පිළිබඳ දෙදින පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලදි.
06th April 2022 11:57:50 Hours
’අපේ ගෙවත්තෙන් පටන් ගනිමු තේමාව යටතේ ඉඩමි අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන ’හරිත දැයක් ජාතික ගෙවතුවගා ව්‍යාපෘතියට සමගාමීව 2022.03.29 වන දින කොස් පැළ කිහිපයක් ආසේමු(බටහිර) කදවුරු පරිශ්‍රයේ සිටුවන ලදි.
30th March 2022 15:41:47 Hours
2022.03.27 දින කුරැණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ දාගම ප්‍රාථමික විද්‍යාලය අසල කන්දක ඇති වු ගින්නක් මැඩපැවැත්විම සදහා 2022.03.28 දින උදැසන 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 1 ශ්‍රිලංජාආබමු භටපිරිස් මේ සදහා සහභාගි වුහ.
28th March 2022 12:34:39 Hours
මෙම ආසේමු යටතේ පාලනය වන 14 පාබල සේනාංකයට අයත් 143 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බලමුලුවට අයත් 02 x 20 සමන්විත භටපිරිසක් විසින් 2022.03.27 දින කුරැණෑගල - හේම්පිටිගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක ඇති වු ලැවි ගින්නක් මැඩ පැවැත්විමට කටයුතු කරන ලදි.
24th March 2022 17:10:16 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නව බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිළධාරි වශයෙන් බ්‍රිගේඩියර් ඩබිලිවිජිපි සිසිර කුමාර ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.03.22 වන දින සුභ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාරගන්නා ලද අතර ,ඒ සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරි /නිලධාරිණියන් සහභාගි වන ලදි.