Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

06th February 2023 14:38:19 Hours

144 පාබල බලසේනාවට වසර අවුරුදු දහයක් සපිරේ

ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකය වෙත අයත් 144 පාබල බලසේනාව 2023 ජනවාරි මස 31 සහ පෙබරවාරි මස 01 යන දිනයන්හි 10 වන සංවත්සරයට සමගාමීව ආගමික මෙන්ම වෙනත් වැඩසටහන් 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්වී කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.

සංවත්සර වැඩසටහනට අනුව බලසේනාධිපති තුමන් හට හමුදා සම්ප්‍රධායානුකූලව කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර, ඉන්පසුව බත්තරමුල්ල විජයසුමනාරාම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා උදෙසා දානමය පිංකමක් කඳවුරු පරිශ්‍රයේදී සිදු කරන ලදි. තවද සියලු නිල තේ පැන් සංග්‍රහයක්ද පැවැත්විමට කටයුතු කර ඇත.

සංවත්සර දින වැඩසටහන්වලට සමගාමීව ජනවාරි 31 වැනි දින සවස කැලණිය විහාරස්ථානයේ දී මියගිය රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම සහ දැනට රාජකාරි නියුතු රණවිරුවන් හට ආශිර්වාද කිරීම සඳහා බෝධි පූජාවක් පවත්වන ලදී.

ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය විය.