Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

06th February 2023 17:59:19 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) භට පිරිස් තවත් පුණ්‍ය කටයුත්තක් සඳහා දායක විය

75 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව 2023 පෙබරවාරි 04 භික්ෂුන් වහන්සේ 74 නමකගේ සහභාගීත්වයෙන් කරගම්පිටිය ශ්‍රී මේදන්කර විහාරස්ථානයේදී මානුෂීය මෙහෙයුමේදී මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් සිහි කර පින් අනුමෝදන් කිරීම සහ ශ්‍රී ලංකාවාසීන්ට සෙත්පතා පිංකමය වැඩසටහනක් සිදුකරන ලදී.

ඒ අනුව ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 14 වන පාබල සේනාංකය වෙත අයත් 142 වන පාබල බලසේනාවේ භටපිරිස් හි සහභාගීත්වය මෙම පුණ්‍ය වැඩසටහන සාර්ථාක කර ගැනීම සදහා මහත් රුකුලක් විය.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ‌ජෙනරල්ඩී ඒමි කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 142 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණ යටතේ සිදුකරන ලදී.