Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th February 2023 18:38:15 Hours

අත්තනගලුඹයේ ඇති වු හැරමලයන් ඉවත් කිරිම සදහා යුද්ධ හමුදා භට පිරිස් සහය

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩිඑමිකේඩීබි පුස්සැල්ල ආර්ඩබිලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 14 පාබල සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මගපෙන්වීම යටතේ 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් ජී බී කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 6 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි පුර්ණ අධීක්‍ෂණය යටතේ 2023 පෙබරවාරි 06 සහ 07 යන දිනයන්හීදී අත්තනගලු ඔයේ වේල්ලට ඉහලින් මංගලතිරිය ප්‍රදේශයේ හැරමලයන් නිසා අවහිරවු ජලය බැසයාම 6 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් සහභාගිත්වයෙන් යතා තත්වයට පත් කිරිමට කටයුතු කල අතර, මේ සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් සහභාගිවිය.

මෙම ඉවත් කිරිමේ කටයුතු සදහා 6 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 30 දෙනෙකු ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.