29th November 2022 19:30:21 Hours
ගා/ඕමන්ත මහා විද්‍යාලය වෙත පරිඝණක දෙකක්, විද්‍යාලයේ පාසල් ළමුන් 40 ක් සදහා වියළි සලාක මළු ඇතුළු තවත් ආහාර ද්‍රව්‍ය බෙදාදිමක් 2022 නොවැම්බර් මස 23 වන දින එම විද්‍යාලයේදි සුදු කරන ලදි.
26th November 2022 13:36:02 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 පාබල සේනාංකය වෙත අයත් 3(සෙව්) ගැමුණු හේවා බළඇණිය නිල්වලා ගග මායිම්ව පිහිටා ඇති අතර, 2022 නොවැම්බර් මස 19 වන දින රාත්‍රි 2000 පැයට පමණ සියදිවි හානිකර ගැනීමට තැත් කළ 74 හැවිරිදි පුද්ගලයෙකු මාතර මහානාම පාලමේන් නිල්වලා ගගට පැන ඇති අතර, ඒ පිළ්බදව කදවුරේ ‘බි’දොරටුවේහි ආරක්ෂාව සදහා යොදවා සිටි සෙබළුන්හට දැනගැනිමට හැකිවි ඇත.
26th November 2022 13:34:20 Hours
61 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින් තම තනතුරේ වැඩභාර ගැනිමෙන් අනතුරුව දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ යන රාජ්‍ය නිලධාරින් හමුවක් 2022 නොවැම්බර් 24 වන දින සිදුකර ඇත.
26th November 2022 13:32:15 Hours
ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 14 වන පාබල සේනාංකයට අයත් 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු බළඇණියේ භඨපිරිස් විසින් දීර්ඝ කාලයක සිට ප්‍රතිසංස්කරණය කර නොමැති මල්වත්ත ආදාහනාගාර පරිශ්‍රයේ තීන්ත ආලේප කිරීම, අවට පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරිම සදහා දායකවි ඇත.
24th November 2022 18:07:10 Hours
141 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු, බ්‍රිගේඩියර් එල් ජී බී කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 නොවැම්බර් 22 වන දින වතුපිටිවල පිහිටි 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව වෙත සිය නිල සංචාරය සිදු කරන ලදී.
24th November 2022 17:02:28 Hours
ඉන්දියානු කොන්සල් ජනරාල් ශාඛාවේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීර් සුෂිල් මහතා 2022 නොවැම්බර් 21 වන දින 61 පාබල සේනාංක මූලස්ථානය - බූස්ස වෙත සංචාරයක නිරත වු අතර, එහිදී ඔහු 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සමඟ සාකච්ඡාවක නිරත විය.
24th November 2022 16:49:14 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංක බල ප්‍රදේශයේ 613 පාබල බලසේනාවට අයත් හික්කඩුව වෙරළ තිරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භඨපිරිස් සහභාගිතවයෙන් 2022 නොවැම්බර් මස 17 දින සිදු කරන ලදි. මේ සදහා 61 පාබල සේනාකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සම්බන්ධිකරණයෙන් හික්කඩුව හෝටල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයින්, සංචාරකයින්, පරිසරවේදීන් මේ සදහා සභාගිවි ඇත.
22nd November 2022 17:16:23 Hours
ජාඇල - මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගට ගසක් කඩා වැටිම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවු අතර, එම කඩා වැටී තිබූ ගසක් ඉවත් කිරීමට ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 141 පාබල බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා පාබල බලඇණියේ භට පිරිස් සහය වූහ.
22nd November 2022 17:12:49 Hours
ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කමිටුවේ සභාපතිවරයා වශයෙන් අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය - 2022 සමාරම්භක උත්සවය සනිටුහන් කරයි.
21st November 2022 11:06:41 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයේ 17 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් එච්එම්යු හේරත් ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි එචිඩිඑම්සි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2022 නොවැම්බර් මස 14 වන දින 61 පාබල සේනාංක මුලස්ථානයේදි සිය නව තනතුරෙහි වැඩ ආරම්භ කරන ලදි. මෙහිදි ප්‍රථමයෙන් කදවුරු භුමියට පැමිණි සේනාංකාධිපති තුමන් හට 14 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් කදවුරු සමිමාන මුරයක් පිරිනමන ලදි.