Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

28th December 2022 12:37:51 Hours

අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතා තරගාවලියේ අවසන් මහ තරගය ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය

ශ්‍රී ලංකා යුධ හමුදා අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතාවලිය - 2022 අවසන් මහා 2022 දෙසැම්බර් 9 වන දින ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම තරගාවලියේ අවසන් මහ තරගය යුද හමුදා චෙස් කමිටුවේ සභාපති, ඉංජිනේරු බලකායේ බළකාධිපති සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් එම් කේ ජයවර්ධන ආර්එස්පී යුඑස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන්, ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී විය.

,

දින පහක් පුරා පැවති අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතාවලිය (තනි හා කණ්ඩායම්) 2022 දෙසැම්බර් 05 සිට 09 දින දක්වා රෙජිමේන්තු 15ක සහභාගිත්වයෙන්, චෙස් ක්‍රීඩකයින් 130 දෙනෙකු මෙම චෙස් තරඟාවලිය සදහා සහභාගිවන ලදි.

අවසන් මහා තරගයෙන් අනතුරුව , ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් එම් ටී කේ ආර් සිල්වා කේඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ මේජර් ජෙනරාල් එම් කේ ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් ආඥාපතිතුමන් විසින් ජයග්‍රාහකයින් සඳහා කුසලාන, පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කලේය.

ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ චෙස් ක්‍රීඩකයින්/ ක්‍රීඩිකාවන් මෙවර අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතාව දිනාගත් අතර, දෙවන ස්ථානය ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් විසින් දිනා ගන්නා ලදී. ගජබා රෙජිමේන්තු තෙවැනි ස්ථානය හිමිකර ගත්හ.