Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

20th December 2022 19:22:53 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් භටපිරිස් අධ්‍යාපනික ප්‍රදර්ශනයක් සදහා දායක වෙති

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට වසර 75 ක් පිරීම නිමිත්තෙන් අධ්‍යාපනික ප්‍රදර්ශනයක් 2022 දෙසැම්බර් 15,16 සහ 17 යන දිනයන්හිදී පැවැත්වු අතර, ඊට සමගාමිව භඨපිරිස් විසින් එම ප්‍රදර්ශණ භුමියේ ප්‍රදර්ශණ කුටියක් ස්ථාපනය කරන ලදි.

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉල්ලීම මත මෙම ප්‍රදර්ශන කුටිය ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් ජී බී කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ ස්ථාපිත කර ලදි.

ඒ අනුව මෙම ප්‍රදර්ශන කුටිය වෙතින් පාසල් ළමුන්ගේ දැනුම වර්ධනය කිරිම සදහා යුද්ධ හමුදාව මගින් පරිහරණය කරනු ලබන අවි ආයුධ, උපකරණ සහ ටයර් නැවත පිරවිමේ ක්‍රියාවලිය මෙන්ම යුද්ධ හමුදාවේ නිල ලාංජන පිළිබදවද දැනුම ලබාදිම සදහා අවශ්‍ය පරිදි ප්‍රදර්ශණ කුටි ස්ථාපනය කරන ලද අතර, මේ සදහා 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, 11 වන සංඥා බලකාය සහ 1 වන ශ්‍රි ලංකා යුධෝපකරණ බලකාය වෙතින් තම දායකත්වය ලබා දි ඇත.