Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

28th December 2022 12:41:08 Hours

ලබන්නාවූ අසිරිමත් නත්තල ඔබ සැමට සතුට, සාමය සහ සෞභාග්‍යය සපිරි ප්‍රීතිමත් නත්තලක් වේවා!

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සියලු ලෝකවාසීන් වෙත සතුට, සාමය සහ සෞභ්‍යාග සපිරි නත්තලක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නත්තල් දින පණිවිඩය පහතින් දැක්වේ:

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නත්තල් දින පණිවිඩය.

සාමයේ සහ ප්‍රේමයේ පණිවිඩය මුළු ලොවටම ගෙන ගිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ අසිරිමත් උපත සිහිපත් කරන මෙම ප්‍රීතිමත් නත්තල් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම කිතුනු බැතිමතුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත මගේ උණුසුම් සුබපැතුම් පිරිනමමි. සාමයේ කුමරා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණාව, මෛත්‍රිය, සමානාත්මතාවය සහ ධර්මිෂ්ඨකම යන මූලික මානව ගුණාංග පෝෂණය කිරීම සඳහා එතුමන්ගේ ඉගැන්වීම් යොදා ගනු ලැබීය. මේ උතුම් මානුෂීය ගුණාංගවලින් අපගේ හදවත් වර්ධනය කර ගැනීමට නත්තල් දිනය අපට කදිම අවස්ථාවකි. තවද, ජාතියේ අභිවෘද්ධිය සඳහා ප්‍රජාවන් අතර සංහිඳියාව සහ තිරසාර සාමය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කිතුනු ප්‍රජාව විසින් ලබා දෙන සහය මම අගය කොට සලකමි. ලබන්නාවූ නත්තල ඔබ සැමට සතුට, සාමය සහ සෞභාග්‍යයෙන් සපිරි ප්‍රීතිමත් නත්තලක් වේවා!