14th September 2022 06:16:37 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ පිහිටි 141 පාබල බලසේනාවට අයත් 8 වන ශ්‍රි ලංකා පාබල බළඇණිය භඨපිරිස් සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි Mainetti Pvt. Ltd ආයතනයේ 2022.සැප්තැම්බර් මස 09 දින ඇතිවු ගින්නක් මැඩපැවැත්විම සදහා කොළඹ ගිනි නිවීමේ ඒකකයට සහ ගම්පහ ගිනි නිවන ඒකකයට සහය විය.
14th September 2022 06:14:22 Hours
ලුතිනන් ජෙනරාල් එචිඑල්විඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යුද්ධ හමුදා පතිතුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයින් සහ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සාමාජිකයින් විසින් 2022 සැප්තැම්බර් 08 වන දින පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේ දී “සුමධුර ධර්මදේශනා” වැඩසටහනක් සංවිධානය කරන ලදී.
14th September 2022 06:11:54 Hours
රුහුණු විශ්වවිද්‍යාලය විසින් කරන ලද ඉල්ලීමට අනුව, කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා වාහන නඩත්තුව සහ එහි මූලික ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් එක්දින වැඩමුළුවක් 2022 සැප්තැම්බර් 06 වන දින බූස්ස 61 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.
08th September 2022 16:32:17 Hours
ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 පාබල සේමු යටතේ ස්ථාපිත 613 පාබල බලසේනා බල ප්‍රදේශය තුලපිහිටා ඇති ඓතිහාසික ගැටබරු රජමහා විහාරය මගින් පවත්වනු ලබන ඇසළ පෙරහැර 2022.09.06 දින සිට 11 දින දක්වා පැවැත්විමට කටයුතු සුදානමි කර ඇත.
07th September 2022 18:38:28 Hours
14 පාබල සේනාංකය යටතේ පාලන වන 141 පාබල බලසේනා බලප්‍රදේශයට අයත් බියගම - මල්වාන ප්‍රදේශයේ පැවැති අධික වර්ෂාපතනය හේතුවෙන් මල්වාන - බණ්ඩාරවත්ත මාර්ගය ජලයෙන් අඩි 3ක් පමණ යටවිය. මේ නිසා මල්වාන අල් මුබාරක් පාසලේ ඉගෙනුම ලබන සිසුන්ට තම පාසලට යාමට අපහසු වී ඇති අතර, එම ප්‍රදේශයේ වෙසෙන ජනතාවට තම එදිනෙදා කටයුතු කරගෙන යාමටද අපහසු වී ඇත.
07th September 2022 18:36:28 Hours
මේ දිනවල රටපුරා අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් 2022 සැප්තැම්බර් මස 06 වන දින කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනා බලප්‍රදේශයට අයත් අංක 471 ඉහල බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ඉහළ බෝමිරිය අමුණ පිටාර ගැලීම හේතුවෙන් ගංවතුර තත්ත්වයට පත්ව ඇත.
07th September 2022 18:11:16 Hours
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මට්ටක්කුලිය අංක 259 ග්රාමනිලධාරි කොට්ඨාශය ගංවතුරින් යට විය.
07th September 2022 18:08:16 Hours
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ සහ යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්යක්ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (බටහිර) මෙහයවිමෙන් 2022 සැප්තැම්බර් මස 01 වන දින සිට 2022 සැප්තැම්බර් මස 03 වන දින දක්වා කොළඹ,ගම්පහ,කෑගල්ල, කලුතර සහ ගාල්ල දිස්ත්‍රික් ආවරණය වන පරිදි සෞඛ්‍ය පරික්ෂකවරුන්, පොලිස් නිලධාරින් සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් මගින් සංවිධානය කරන ලද විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ආරමිභ කරන ලදි.
07th September 2022 18:02:58 Hours
2022 සැප්තැමිබර් මස 02 දින 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 14 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් ශ්‍රි ලංකාව තුල සංචාරකයින් සදහා ප්‍රසිද්ධියට පත්වු ගාලු කොටුව වෙරළ තිරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පවත්වන ලදි.
06th September 2022 11:45:22 Hours
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සිංගප්පූරුවේ Tan Ngak Buay & Kee Meng Lang Foundation limited (Singapore) යන සංවිධාන මුල්‍ය දායකත්වය කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය උඳුගොඩ, හෙට්ටිමුල්ල, කොටියාකුඹුර, ගලිගමුව, අරන්දර යන ප්‍රදේශවල පදිංචි අඩු ආදයමිලාභි තෝරාගත් සඳහා 2022 අගෝස්තු 31 වැනි දින කෑගල්ල ප්‍රධාන තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදී වියළි සලාක මළු බෙදාදිමේ වැඩසටහනක් පවත්වන ලදි.