05th August 2022 15:57:00 Hours
පිටිගල සහ පැලවත්ත ප්‍රදේශයන්හි තෝරාගත් දිළිදු පවුල් සදහා වියළි සලාක මළු බෙදාදිමෙි වැඩසටහනක් 2022.07.30 වන දින 12 වන කාරක ඉංජිනේරු රෙජිමෙින්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
02nd August 2022 07:47:37 Hours
61 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 613 පාබල බළ සේනාධිපති කර්නල් කේවිඅයිඑල් ජයවීර යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම මත කමාන්ඩෝ රෙජිමේන්තුවේ තාත්වික සටන් ක්‍රම පිළිබඳ විශේෂිත උපදේශක මඩුල්ලකගේ උපදේශකත්වය යටතේ 61 පාබල සේනාංක මුලස්ථානයට අයත් බළසේනා සහ ඒකකයන්හි නිලධාරි / සෙසුනිළයින්ගේ දැනුම සහ ප්‍රායෝගික කුසලතාවයන් වර්ධනය කිරිම උදෙසා විශේෂ ආරක්ෂක සටන් පුහුණු වැඩමුලුවක් 2022.07.27 වන දින සිට 2022.07.29 වන දින දක්වා 61 පාබල සේනාංක මුලස්ථානයේ දී ආරම්භ කරන ලදි. මේ සදහා බළසේනා මුලස්ථාන හා ඒකක වෙතින් නිලධාරීන් 06 දෙනෙකු සහ සෙසු නිළයින් 88 දෙනෙකු සහභාගී වන අතර තත් පාඨමාලාව දින 03 ක් පුරාවට පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.
01st August 2022 17:49:03 Hours
රියර් අද්මිරාල් ටි ඊ එමි එච් එස් එන් හරින්ද්‍ර ඒකනායක ජ්‍යෙෂ්ඨ නිලධාරි දකුණු නාවික විධානයේ නව ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව 2022.07.28 දින 1000 පැයට 61 වන පාබල සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරි නිල වශයෙන් 61 වන පාබල සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී මුණගැසීම සිදුවිය.
30th July 2022 19:21:06 Hours
ආසේමු ආඥාපති මේජර් ජෙනරාල් ඩි එම් කේ ඩි බි පුස්වැල්ල ආර්ඩබිලිවිපි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි සෙසුනිල භෝජනාගාර ගිණුමි තැබීමේ වැඩමුලුවක් 2022.07.25 වන දින සිට අදියර 3 ක් යටතේ ආරම්භ විය. මෙහි පළමු අදියරය ශ්‍රිලංකා ඉංජිනේරු බළකා මුලස්ථානයේහි ආරම්භ කරනු ලැබු අතර, ඒ සදහා ආරක්ෂක සේනා බටහිර මුලස්ථානයේහි රාජකාරි කරනු ලබන සෙසු නිලයින් 30 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි විය.
26th July 2022 18:30:13 Hours
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සිංගප්පූරුවේ Tan Ngak Buay & Kee Meng Lang පදනමේ සංවිධාන දායකත්වය යටතේ කොළොන්නාව, කෝට්ටේ ප්‍රදේශය ආවරණය වන පරිදි අඩු ආදායම් ලාභී පවුල් සදහා වියළි සලාක මළු 1500 ක් බෙදාදීමේ වැඩසටහනේ 3 වන අදියර යටතේ 2022 ජූලි 22 වන දින ගංගොඩවිල ග්‍රාම නිලධාරී වසමේ ජීවත් වන පවුල් සදහා වියළි සලාක මළු 204 ක් පැගිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී.
11th July 2022 17:32:11 Hours
ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයට අයත් අඩු ආදායමි ලාබි පවුල් වෙත, තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ සභාපති ශ්‍රී සුමනරතන හිමියන්ගේ දායකත්වය යටතේ Tan Ngak Buay And Kee Mage Lang Foundapore LED Singapore යන ආයතනයේ මූලිකත්වයෙන් සිංගප්පූරුවේ සහ තායිලන්තයේ සැදැහැවතුන් විසින් මුදල් ප්‍රතිපාදන සැපයීමෙන් පසු 613 පාබල බළසේනාවට අයත් 14 (සෙව්) ගැහේබ නිලධාරි/සෙසුනිලයින්ගේ සංවිධානය සහ ශ්‍රම දායකත්වය ඇතිව එම වැඩසටහනේ පළමු අධියර වශයෙන් 2022.07.07 වන දින පවුල් 150 ක් සදහා වියලි මළු 150 ක් බෙදා දීම ධාර්මික විද්‍යාලය - හබරාදුවේදි සිදුකරන ලදී.
07th July 2022 14:25:28 Hours
පස්යාල නගරයේ කුලී නිවසක ජිවත්වුනු මවක් සහ ඇගේ ආබාධ ඒකම පුතා නිවස් අයිතිකරු විසින් නිවසින් බැහැර කිරිමේන් අතතුරුව අවතන් වු ඒම මව සහ පුතා නිටුටඹුව මහජන ක්‍රීඩාංගණයේ තාවකාලීකව සතියකට ආසන්න කාලයක් රැදී සිටි ඇත.
06th July 2022 10:32:16 Hours
2022 ජූලි 02 වන දින කොළඹ 5 - විශාඛා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් සදහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 142 පාබල බලසේනාවේ සහ 144 පාබල බලසේනාවට අයත් යුධ හමුදා භටපිරිස් නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුව වෙත ලේ පරිත්‍යාග කරන ලදී.
05th July 2022 15:13:48 Hours
ආරක්ෂක සේනා (බටහිර) බල ප්‍රදේශයට අයත් 61 පාබල සේමු යටතේ ස්ථාපිත 613 පාබල බළසේනාවට අයත් ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශයේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වියලි සලාක මළු 100 ක් බෙදාදිමේ වැඩසටහනක් 2022.07.03 වන දින බද්දේගම, සන්දරවල, හැඩිදෙමළ කන්දේ දුටුගැමුණු රජමහා විහාරයේදී සිදුකරන ලදී.
04th July 2022 19:10:44 Hours
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ Tan Ngak Buay & Kee Meng Lang Foundation Limited මුල්‍ය දායකත්වයෙන් 2022.07.01 දින ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනාව සහ 2 (සෙව්) ශ්‍රි ලංකා පාබල බළඇණියේ භටපිරිස් සහභාගිත්වයෙන් ආරක්ෂක සේනා (බටහිර) බළප්‍රදේශයට අයත් කඩුවෙල ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් 330 සදහා වියළි සලාක මලු බෙදාදිම වැඩසටහනක් හේවාගම ප්‍රාථමික විද්‍යාලයේදි සිදු කරන ලදි.