30th June 2022 15:22:22 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ට අයත් 12 වන කාරක ඉංජිනේරු බළකාය මගින් මතුගම ප්‍රාදේශිය ලේඛම් කොටිඨාශය තුල ජිවත් වන දිළිදු පවුල් 100 ක් සදහා වියළි සලාක මලු බෙදාදිමේ වැඩසටහනක් පැවැත්විමට කටයුතු කරන ලදි.
30th June 2022 15:16:19 Hours
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සීමාසහිත Tan Nagak & Kee Meng Leng පදනම (සිංගප්පූරුව) ,මෙම ආරක්ෂක සේනා බල ප්‍රදේශයට අයත් 61 පාබල සේනාංකය යටතේ පාලනය වන 613 පාබල බලසේනාව හා 3(සෙව්) ගැම්ණු හේවා බළඇණිය ඒක්ව මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 650 ක් සඳහා 2022 ජුනි 22 සහ 23 දින වියළි සලාක මලු බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.
29th June 2022 16:22:46 Hours
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සීමාසහිත Tan Nagak & Kee Meng Leng පදනම (සිංගප්පූරුව) හා 141 පාබල බලසේනාව හා ඒක්ව ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 1500ක් සඳහා 2022 ජුනි 27 දින වියළි සලාක මලු බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.
17th June 2022 08:27:24 Hours
මීගමුව OKI international school වෙතින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් සදහා 141 පාබල බලසේනාවේ යුධ හමුදා භටපිරිස් 2022 ජුනි 13 වන දින සහභාගි විය.
15th June 2022 19:02:14 Hours
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ සහ යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්යක්ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) මෙහයවිමෙන් 2022.06.15 දින සිට 2022.06.21 දින දක්වා කොළඔ, ගමිපහ සහ කලුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සෞඛ්‍ය පරික්ෂකවරුන්,පොලිස් නිලධාරින් සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායමි මගින් සංවිධානය කරන ලද විශේෂ මදුරු මර්ධන වැඩසටහන දියත් කරන ලදි.
15th June 2022 18:15:35 Hours
පොසොන් පුර පසළොස්වක පොහොයට සමගාමීව ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 141 පාබල බලසේනාව අයත් 6 කාලතුවක්කු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පනාගොඩ සහ හබරකඩ ප්‍රදේශය අවට වෙසෙන සාමාන්‍ය ජනතාව වෙත කොස් පර්සල් බෙදාදිමේ වැඩසටහනක් පවත්වන ලදී.
15th June 2022 15:41:51 Hours
3 (සෙව්) ගැමුණු හේවා බළඇණිය මාතර නගර මධ්‍යයෙහි පිහිටා ඇති බවත් ඒකකයේ සුභසාධක වෙළද සැල වෙත පැමිණි පාසල් ගුරුවරයෙකුගේ මුදල් පසුමිබියක් වෙළද සැලේ හි බිම වැටි තිබි අතර, ඒම මුදල් පසුමිබිය අයිතිකරු හට ලබාදෙන ලදි .
07th June 2022 17:22:46 Hours
144 වන බලසේනාව යටතේ පාලනය වන 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුව විසින් සංවිධානය කරනු ලැබු ලේ දන්දීමේ වැඩසටහනක් 2022.06.03 වන දින උදෑසන 9 සිට පස්වරු 4 දක්වා අභිනවාරාම විහාරස්ථාන භුමියේ දී පැවැත්විණි.
02nd June 2022 16:29:42 Hours
ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයට අයත් ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුර සහ නායයෑම් තත්වයන් ඇතිවී තිබෙන අතර, ආපදා සහන කටයුතු සදහා ආරක්ෂක සේනා බටහිර භටපිරිස්, නාවික, ගුවන් හමුදා භටපිරිස් හා ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය සමග සමිබන්ධතාවයෙන් යුතුව විපතට පත් ප්‍රදේශවල ආපදා සහන සේවා මෙහෙයුම් සදහා අඛණ්ඩව සහය දක්වමින් සිටියි.
02nd June 2022 15:54:48 Hours
අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් රණවිරු සෙවණ - රාගම අසල සිරිවර්ධන පාරට ගසක අත්තක් කඩා වැටීමෙන් ඇති වු අවහිරතාවයෙන් ගමනාගමනයට බාධා සිදුවු අතර, මාර්ගයෙන් ගස ඉවත් කිරීම සඳහා 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 වන බලඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහ ශ්‍රි ලංකා නාවික හමුදාවේ භට පිරිස් මෙන්ම රාගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ද සහභාගි විය.