Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

05th August 2022 15:57:00 Hours

12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙතින් අඩු ආදායමිලාභි පවුල් සදහා සහන මළු බෙදාදීම

පිටිගල සහ පැලවත්ත ප්‍රදේශයන්හි තෝරාගත් දිළිදු පවුල් සදහා වියළි සලාක මළු බෙදාදිමෙි වැඩසටහනක් 2022.07.30 වන දින 12 වන කාරක ඉංජිනේරු රෙජිමෙින්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

61 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්එම්එම් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 612 පාබල සේනාවේ බළසේනාධිපති එල්ජිබී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම වියළි සලාක බෙදාදීම සදහා මුල්‍ය දායතක්වය “දිල්රු සහ කළණ මිතුරෝ සංවිධානය” විසින් දක්වන ලද අතර, මෙහිදි අඩු ආදයම් ලාභි සහ ආර්ථික දුෂ්කරතා ඇති එක් පවුලක් සදහා රු : 5,000.00 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීම සිදු කරන ලදී. මෙම අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස 612 පාබල බළ සේනාධිපතිතුමන්, කළණ මිතුරු සංවිධානයේ සභාපති වසනා දිල්රුක්ෂි විජේසිරිවර්ධන සමරසිංහ මහත්මිය මෙන්ම 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයින්ද ඊට සහභාගිවිය.