Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th July 2022 18:30:13 Hours

යුද්ධ හමුදා සෙබලුන් තවත් පුන්‍ය කටයුත්තක් සදහා තම දායකත්වය ලබාදෙයි

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සිංගප්පූරුවේ Tan Ngak Buay & Kee Meng Lang පදනමේ සංවිධාන දායකත්වය යටතේ කොළොන්නාව, කෝට්ටේ ප්‍රදේශය ආවරණය වන පරිදි අඩු ආදායම් ලාභී පවුල් සදහා වියළි සලාක මළු 1500 ක් බෙදාදීමේ වැඩසටහනේ 3 වන අදියර යටතේ 2022 ජූලි 22 වන දින ගංගොඩවිල ග්‍රාම නිලධාරී වසමේ ජීවත් වන පවුල් සදහා වියළි සලාක මළු 204 ක් පැගිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී.

තුන්වන අධියරය යටතේ පවත්වනු ලැබු වියළි සලාක මළු බෙදාදීමේ වැඩසටහන 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ ඒම් බී කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මගපෙන්වීම යටතේ 144 වන බලසේනාවේ සෙබලුන් සහ 2 (සෙව්) පාබල හමුදාවේ සෙනින් සංවිධානය කරන ලදී.

මේ සදහා තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල සුමනරතන නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය පැගිරිවත්ත විවේකාරාමයේ ඌරුගමුවේ දම්මදස්ස හිමි, මෙන්ම 144 බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 2 (සෙව්) ශ්‍රිලපාහ ඒකක 2 වන අණදෙන නිලධාරී, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි සහ සංවර්ධන නිලධාරි සහභාගි විය.

තවද, පසුගිය කාලය තුල තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සිංගප්පූරුවේ Tan Ngak Buay & Kee Meng Lang පදනමේ මුල්‍යමය දායකත්වය යටතේ සහ යුද හමුදා සාමාජිකයින් සංවිධානය මත මෙවැනි වැඩසටහන් රාශියක් සිදු කරන්නට විය. එහිදි මෙම ආරක්ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයට අයත් කොළඹ, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කවල ජීවත්වන අඩු ආදායම් ලාභී පවුල් සදහා ද වියළි සලාක මළු බෙදාදීමට කටයුතු කරන ලදී.