Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

12th August 2022 12:45:42 Hours

යුද්ධ හමුදා සෙබලුන් ඇඹිලිපිටිය නගරයේ හටගත් ගිනි ගැනීමක් මැඩ පැවැත්වීම සදහා තම දායකත්වය ලබාදීම

2022. 08. 11 වන දින සවස 5 ට පමණ ඇඹිලිපිටිය ප්‍රදාන බස් නැවතුම අසල පිහිටි කුඩා වෙළඳසැල් 20 ක පමණ ප්‍රමාණයක් විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගත් අතර, එම ගින්න නිවා දැමීම සඳහා ශ්‍රීලංකා යුද හමුදා වෘතීය පුහුණු පාසලේ සෙබළුන් තම උපරිම දායකත්වය කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලදී.

මෙහිදී සෙබළුන් 3 x 25 දෙනෙකු සෙවනගල ගිනි නිවීමේ ඒකකය සහ ශ්‍රීලංකා පොලිසිය සමග එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා තම උපරිම දායකත්වය ලබා දී තිබු නිසාවෙන් ගින්න තව දුරටත් පැතිරීම වලකී ඇත.

මෙහිදී ගිනි නිවීමේ ඒකකයට සහයෝගය දක්වමින් යුද හමුදාව සතු වතුර බව්සර් ද ගින්න මැඩපැවැත්වීම සඳහා යොදාගෙන ඇත.