Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th July 2022 19:21:06 Hours

‍ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) විශේෂිත වු පාඨමාලාවක් සංවිධානය කරයි.

ආසේමු ආඥාපති මේජර් ජෙනරාල් ඩි එම් කේ ඩි බි පුස්වැල්ල ආර්ඩබිලිවිපි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි සෙසුනිල භෝජනාගාර ගිණුමි තැබීමේ වැඩමුලුවක් 2022.07.25 වන දින සිට අදියර 3 ක්‌ යටතේ ආරම්භ විය. මෙහි පළමු අදියරය ශ්‍රිලංකා ඉංජිනේරු බළකා මුලස්ථානයේහි ආරම්‍භ කරනු ලැබු අතර, ඒ සදහා ආරක්ෂක සේනා බටහිර මුලස්ථානයේහි රාජකාරි කරනු ලබන සෙසු නිලයින් 30 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි විය.

මෙම වැඩමුලුව ආරක්ෂක සේනා මුලස්ථානය බටහිරහි පුර්ණ අධික්ෂණය යටතේ සිදු කරනු ලබන අතර, වැඩමුලුව සාර්ථකව සිදු කිරිම සදහා විෂය පිළිබද පුර්ණ දැනුමක් සහිත උපදේශක මඩුල්ලක් ශ්‍රී ලංකා යුධ පොදු සේවා බළකාය වෙතින් ලබා දෙනු ලබයි.

මෙම වැඩමුලුව මගින් භෝජනාගාර ගිණුම් තැබීම පිළිබදව පුර්ණ දැනුමක් ලබා දෙනු ලබයි.