Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th August 2022 15:13:45 Hours

14 පාබල සේනාංකයේ සේනාංකාධිපති 144 පාබල බලසේනාව වෙත ප්‍රථම නිල සංචාරයක නිරත වෙයි.

බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු 2022 අගෝස්තු 19 වන දින 144 පාබල බලසේනාව වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

මෙම නිල සංචාරයේදී 144 පාබල බලසේනා මූලස්ථානය වෙත පැමිණි සේනාංකාධිපතිතුමන්, 144 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් වී කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව 144 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් තම බලසේනාවේ රාජකාරි නියුතු මාණ්ඩලික නිලධාරීන් හඳුන්වා දුන් අතර, පසුව 144 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් තම බලප්‍රදේශය පිලිබදව සවිස්තරාත්මක හැදින්විමක් සේනාංකාධිපති තුමා වෙත ඉදිරිපත් කරන ලදී. මේ සදහා 144 පාබල බලසේනාව යටතේ රාජකාරි නියුතු 2 (සෙව්) පාබල බලඇණියේ සහ 10 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරින් ද සහභාගීවිය.

අනතුරුව කැලනිමුල්ල ප්‍රදේශයේ පිහිටි 2(සෙව්) පාබල බලඇණිය වෙත පැමිණි සේනාංකාධිපති තුමන් 2 (සෙව්) පාබල බලඇණියේ අණදෙන නිලධාරී විසින් පිළිගන්නා ලද අතර, සේනාංකාධිපතිතුමාගේ පැමිණිම සනිටුවහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කරන ලදී. ඉන් අනතුරුව 144 පාබල බලසේනාවේ පිරිස් ඇමතු සේනාංකාධිපතිතුමන් භට පිරිස් විසින් ඉටුකරන ලද සේවය හා කැපවීම අගය කල අතර, ඉදිරියේදී ඔවුන්ගේ රාජකාරින් හා වගකීම් මැනවින් ඉටුකිරීමට අදාළ උපදෙස් නිලධාරී හා සෙසුනිලයින් හට ලබාදෙන ලදී.

මෙම සංචාරය සදහා 144 වන පාබල බලසේනාවේ බලසෙන්ධිපති, 14 පාබල සේනාංකයේ මාණිඩලික නිලධාරින් කිහිපදෙනෙක් සහ 144 පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි විය.