Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

25th August 2022 18:18:04 Hours

ආඥාපති ආරක්ෂක සේනා (බටහිර) විසින් ක්ෂේත්‍ර සංචාරයක් සිදුකරනු ලබයි

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2022 අගෝස්තු මස 23 වන දින කටුනායක, කිඹුලාපිටිය, මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ සහ නිට්ටඹුව යන බලප්‍රදේශයන්හි යෝජිත කඳවුරු ස්ථාන ගත කිරිම සඳහා සුදුසු ස්ථාන පරික්ෂා කිරිම සඳහා නිල චාරිකාව නිරත විය.

එහිදි කඳවුරු ස්ථාපිත කිරිම සඳහා යෝජිත ස්ථානයන් පිළිබඳව පුළුල් අධ්‍යනයක නිරත වෙමින් සංචාරයට සහභාගී වු ජ්‍යෙෂ්ඨ නිල‍ධාරින් සමග සාකච්ජා කරනු ලදී.

මෙම සංචාරයේදී ආඥාපතිතුමන් විසින් වේයන්ගොඩ පිහිටි 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ 14 වන බතරොයිය නිරික්ෂණ චාරිකාවකටද එක් විය. ඉන් අනතුරුව ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රය අවට ප්‍රධාන ස්ථාන කිහිපයක් සහ සෙබළුන්ගේ සුබසාධන කටයුතු නිරීක්ෂණය කරන ලදී.

මෙම සංචාරය සඳහා 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මෙම ආසේමු බ්‍රිගේඩියර් පාලන භකාස, 141 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරි කිහිපදෙනෙකු ආඥාපතිතුමා සමග මෙම සංචාර සඳහා සහභාගි විය.