Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th October 2022 15:42:45 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් ඩෙංගු මර්දන වැඩසටහනක් සදහා සහය දක්වයි

දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවය ඉහළ යාමත් සමඟ ආරක්ෂක සේනා (බටහිර) බළප්‍රදේශයට අයත් දිස්ත්‍රික්ක 7ක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ‍‍‍‍‍‍බලප්‍රදේශ 20ක් ආවරණය කරමින් 14 සහ 61 පාබල සේනාංකයන්ට අයත් භට පිරිස් විසින් දිවයින පුරා ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ඩෙංගු මර්දන වැඩසටහනක් 2022 ඔක්තෝබර් 12 සිට 14 දක්වා ක්‍රියාත්මක කර ඇත.

මෙම වැඩසටහනේදි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන මෙන්ම පාසල් සහ නිවාස පරික්ෂාවට ලක්කරන ලද අතර, ඒහිදී ජල ටැංකි, මල් පෝච්චි සහ මල් බඳුන් මෙන්ම නිවාසයන්හි අවට පිහිටා ඇති මදුරුවන් බෝවිය හැකි සියලු ස්ථාන පරික්ෂාවට ලක්කරන ලදී. මෙහිදී ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය උපදෙස් ජනතාව වෙත ලබාදුන් අතර, ඊට අමතරව පුද්ගල ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් මදුරු දෂ්ඨනය වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ආරක්ෂක සේනා (බටහිර) අයත් 14 සහ 61 පාබල සේනාංකයන්හි භටපිරිස් 200 ක් පමණ පොලීසිය සහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල රාජකාරි නියුතු වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගී වූහ.