Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th October 2022 16:13:06 Hours

ආරක්ෂක සේනා (බටහිර) යුද්ධ හමුදා භට පිරිස් ආපදා සහන කටයුතු සදහා තම පුර්ණ සහය ලබාදෙයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පසුගිය සතිය තුල පැවැති අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර සහ නායයෑම් තත්වයන් හේතුවෙන් හදිසි ආපදා තත්වයන් ඇතිවු අතර, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඒන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙම ආසේමු බලප්‍රදේශය තුල විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනිම සදහා ආපදා සහන කටයුතු ආරමිභ කරන ලදි.

ඒ අනුව 2022 ඔක්තෝම්බර් 14 වන දින පස්වරුවේ වරකාපොල ප්‍රදේශයේ තේවත්ත පාර, මයිනොලුව, ගණිතපුර ප්‍රදේශයේ පස් කන්දක් නාය යෑම හේතුවෙන් දෙමහල් නිවසක් විනාශ වු අතර, ඒ හේතුවෙන් නිවසේ පදිංචිකරුවන් විපතට පත්විය. මෙම අනතුර සැලවු මොහොතේම එම ස්ථානය වෙත 611 පාබල බලසේනාවට අයත් 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ විපතට පත්වුවන් සෙවිමේ කටයුතු සිදු කරන ලදි. එහිදි බරපතල තුවාල ලබා සිටි නිවසේ හිමිකරු සොයාගනු ලැබු අතර, ඔහු වහාම වරකාපොල මහ රෝහල වෙත ඇතුලත් කරන ලදි. පසුව එයින් නොනැවතුන යුධ හමුදා භටපිරිස් පසුදා උදෑසන වන තෙක් එම ස්ථානය සහ ඒ අවට සිය සෝදිසි සහ මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කල අතර, පසුදින අළුයම තෙක් අතුරුදහන් සිටි ඔහුගේ බිරිඳගේ මළ සිරුර හා වැඩිමහල් පුතාගේ මල සිරුර සොයා ගන්නා ලදි. මේ සදහා යුද්ධ හමුදාධිපතිතුමාගේ සහ ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත 611 පාබල සේනාංකාධිපති තුමන්ගේ අධික්ෂණය යටතේ 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් ද එක්ව සිටියහ.

මේ අතර, 2022 ඔක්තෝම්බර් 14 වැනි දින අධික වර්ෂාපතනය සහ තද සුළං හේතුවෙන් කොළඹ මහින්ද රාජපක්ෂ රඟහල ඉදිරිපිට පිහිටි ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත හරස් වන පරිදි ගසක් කඩා වැටී තිබූ අතර, එය ඉවත් කිරිම සදහා 142 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් පරිදි 142 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 10 කුගෙන් යුත් භට පිරිසක් සහ කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් සමඟ ගස පාරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

එමෙන්ම දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යැම හේතුවෙන් පාර්ලිමේන්තුව අවට හා එහි බිම් මහලට ජලය ඇතුල්විම වැලැක්විම සදහා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තු පොලිසිය සමඟ සම්බන්ධතාවයෙන් 14 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 144 පාබල බලසේනාවට තාවකාලිකව අනුයුක්ත කර සිටින 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් වැලි කොට්ට යොදා ජලය පැමිණිම වැලැක්විමට කටයුතු කරන ලදි.

එමෙන්ම, 2022 ඔක්තෝම්බර් 15 වන දින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අලුයම් භාගයේ කොලොන්නාව මහජන ක්‍රීඩාංගණයෙන් පිටත වැටට කඩා වැටුණු ගසක් ඉවත් කිරීම සදහා 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති වරයාගේ උපදෙස් පරිදි 144 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා බලඇණියේ භට පිරිස් සහය ලබාදිමට කටයුතු කර ඇත.මෙහිදි යුධ හමුදා භට පිරිසක් එම ස්ථානයට කඩිනමින් පැමිණ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කොලොන්නාව නගර සභාව සමඟ එක්ව ගස ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කරන ලදී.

මීට අමතරව, බියගම ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ඉල්ලිම පරිදි 14 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 141 පාබල බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා පාබල බලඇණියේ භටපිරිස් විසින් 2022 ඔක්‌තෝබර් 15 වැනි දින සවස්‌ කාලයේ මාබිම බටහිර, මාබිම නැඟෙනහිර, පට්ටිවිල, යටවත්ත සහ බියගම යන ප්‍රදේශයන්හි ගංවතුරින් විපතට පත් පවුල් 100ක් පමණ යුද හමුදා බෝට්ටු යොදාගෙන ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට සමත් විය. මේ සදහා යුධ හමුදාවේ 01 x 10 දෙනෙකුගෙන් යුත් ආපදා සහන කණ්ඩායමක් විපතට පත් ජනතාව මුදාගෙන ආරක්ෂක ස්ථාන වෙත යොමු කිරිමට කටයුතු කරන ලදි.

මෙම සියලු ආපදා සහන මෙහෙයුම් යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත සහ ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ අධික්ෂණය යටතේ 14 සහ 61 පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ ඒකක අනදෙන නිලධාරිවරුන් විසින් ක්‍රියාත්මක කරන ලදි.