Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th October 2022 10:22:46 Hours

73 වැනි යුද හමුදා සංවත්සරයට දිනට සමගාමිව නව නිලයන්ට පත්වුන ආරක්‍ෂක සේනා (බටහිර) නව නිලධාරින්

අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිර්දේශය මත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ (නිත්‍ය සහ ස්වේච්ඡා බළකායේ) නිලධාරීන් 372 ක් සහ සෙසුනිලයින් 7127 ක් (නිත්‍ය /ස්වේච්ඡා බළකා සහ අතිරේක රෙජිමේන්තු සේවා) ඔවුන්ගේ ඊළඟ නිලයට නිල උසස්වීම් සිදු කරන ලදී.

ඒ අනුව ආරක්‍ෂක සේනා (බටහිර) රාජකාරි නියුතු කපිතාන්වරුන් දෙදෙනෙකු වන තොරතුරු තාක්ෂණ නිලධාරී කපිතන් ඒඒකේ පෙරේරා ශ්‍රිලංසංබ (නි/69093) සහ ඉංග්‍රීසි උපදේශක කපිතන් ඩිඑම්ජි හේරත් ශ්‍රිලයුපොදුසේබ (නි/10513) තාවකාලික මේජර් නිලයට මෙන්ම ලුතිනන් වයිකේජිආර්එම් චන්ද්‍රසිරි විපාරෙ (නි/71106) යන නිලධාරි තාවකාලික කපිතන් නිලයට උසස් කරන ලදි.

මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් මෙන්ම මෙම ආසේමු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් නව උසස්වීම් ලැබූ නිලධාරීන්ට තම සුබ පැතුම් එක් කළහ.