18th October 2022 16:13:06 Hours
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පසුගිය සතිය තුල පැවැති අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර සහ නායයෑම් තත්වයන් හේතුවෙන් හදිසි ආපදා තත්වයන් ඇතිවු අතර, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඒන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙම ආසේමු බලප්‍රදේශය තුල විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනිම සදහා ආපදා සහන කටයුතු ආරමිභ කරන ලදි.
18th October 2022 15:42:45 Hours
දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවය ඉහළ යාමත් සමඟ ආරක්ෂක සේනා (බටහිර) බළප්‍රදේශයට අයත් දිස්ත්‍රික්ක 7ක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශ 20ක් ආවරණය කරමින් 14 සහ 61 පාබල සේනාංකයන්ට අයත් භට පිරිස් විසින් දිවයින පුරා ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ඩෙංගු මර්දන වැඩසටහනක් 2022 ඔක්තෝබර් 12 සිට 14 දක්වා ක්‍රියාත්මක කර ඇත.
18th October 2022 14:59:02 Hours
ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වන සංවත්සර දිනට සමගාමීව ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයට අයත් 611,612 සහ 613 පාබල බලසේනාවන්ට අයත් භට පිරිස් විසින් ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඒන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ප්‍රජා වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී.
18th October 2022 12:35:06 Hours
ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදේස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරි 19 ක් සහ සෙසු නිලයන් 120 ක් පමණ සහභාගිත්වයෙන් 'ගැටළු සහ ගැටළු නිරාකරණය කිරිමේ පියවර' පිළිබඳ කාලෝචිත දේශණයක් ආරක්ෂක සේනා (බටහිර) බ්‍ර්ගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍ර්ගේඩියර් කේ වී එන් පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් පවත්වන ලදි.
18th October 2022 12:29:52 Hours
2022 ඔක්තෝම්බර් මස 07 වන දින 2022 ලෝක ළමා දිනයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ තේවානුවර ප්‍රාථමික විද්‍යාලයේ අඩු ආදායම්ලාභි පවුල්වල ළමුන් 65 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ උපදෙස් මත 143 පාබල බලසේනාවේ බලසෙනාධිපති තුමන්ගේ පුර්ණ අධික්ෂණයෙන් 143 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 16 වන බලඇණිය ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් සංවිධානය කරන ලදි.
18th October 2022 10:22:46 Hours
අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිර්දේශය මත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ (නිත්‍ය සහ ස්වේච්ඡා බළකායේ) නිලධාරීන් 372 ක් සහ සෙසුනිලයින් 7127 ක් (නිත්‍ය /ස්වේච්ඡා බළකා සහ අතිරේක රෙජිමේන්තු සේවා) ඔවුන්ගේ ඊළඟ නිලයට නිල උසස්වීම් සිදු කරන ලදී.
10th October 2022 10:00:56 Hours
මත්ද්‍රව්‍ය භාවිතය සහ එහි අහිතකර බලපෑම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්/දේශණ මාලාවක් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය හා අන්තරායක ඹෟෂධ පාලක ජාතික පාලක මණ්ඩලයේ සහභාගිත්වයෙන් 3 (සෙව්) ගැමුණු හේවා බලඇණියේදී 2022 ඔක්තෝබර් 06 වන දින පවත්වන ලදී.
07th October 2022 16:10:29 Hours
දිවයින පුරා ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන් වලට සමගාමීව ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයේ ස්ථාපිත 14 සහ 61 පාබල සේනාංක භටපිරිස් විසින් 2022 ඔක්තෝම්බර් 03 දින සිට 05 දින දක්වා කාලය තුළ ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයට අයත් දිස්ත්‍රික්ක 5 ක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලාප 17 ක් ආවරණය කරමින් ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
05th October 2022 14:40:21 Hours
ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම යටතේ 144 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් වි කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂණය යටතේ 144 පාබල බලසේනාවේ යුධ හමුදා භටපිරිස් විසින් 2022 ඔක්තෝබර් 02 දින 2 (සෙව්) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු භුමයේ සහ කැලණි ගං ඉවුරේ ආපදා කළමනාකරණය සහ කැරලි මර්ධනය පුහුණු වැඩමුළුවක් සංවිධානය කරන ලදී.
05th October 2022 14:37:15 Hours
ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 14 සහ 61 පාබල සේනාංකවල භට පිරිස් ලෝක ළමා දිනයට 2022 සමගාමීව තම පාබල සේනාංකයන් යටතේ ස්ථාපීත පාබල බළසේනාවන් සහ ඒකක විවිධ වු උත්සව/ වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.