Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd November 2022 17:12:49 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය (පිරිමි) සහ අන්තර් බලඇණි එල්ලේ තරඟාවලිය (කාන්තා) - 2022 ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ මුලිකත්වයෙන් ආරමිභ වෙයි.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කමිටුවේ සභාපතිවරයා වශයෙන් අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය - 2022 සමාරම්භක උත්සවය සනිටුහන් කරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය (පිරිමි) සහ අන්තර් බලඇණි එල්ලේ තරඟාවලිය (කාන්තා) - 2022 දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 2022 නොවැම්බර් 14 වන දින ආරම්භ විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරාල් ඩි ඒමි කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති, ශ්‍රී ලංකා යුධ හමුදා එල්ලේ කමිටුවේ සභාපති වශයෙන් තරඟාවලියේ සමාරම්භය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. අනතුරුව, ආඥාපති යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ සහ එල්ලේ කමිටුවේ උප සභාපති සමඟ එක්ව සහභාගි වූ සියලුම දෙනාට සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

මෙම තරගාවලිය 2022 නොවැම්බර් 14 සිට 21 දක්වා කාලය තුළ කාන්තා බලඇණි පහක් ඇතුළුව යුද හමුදාවේ රෙජිමේන්තු 16 කට අයත් එල්ලේ ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 450 කට අධික පිරිසක් තරගාවලියේ ආධිපත්‍යය සදහා තරඟ වැදීමට නියමිතය. සියලුම තරඟ මෙම ක්‍රිඩාංගනයේ පැවැත් වෙන අතර අවසන් මහා තරඟය 2022 නොවැම්බර් 21 දින දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තවද, ආරක්ෂක සේවා ඒල්ලේ තරඟාවලිය 2022 - 2023 වර්ෂය සඳහා දක්ෂ එල්ලේ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකවන් යුධ හමුදා එල්ලේ කණ්ඩායමට තෝරා ගැනීම මෙම එල්ලේ තරඟාවලියේ ප්‍රධාන අරමුණ වෙයි.

මෙම සමාරම්භක උත්සවය සඳහා දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අධ්‍යක්ෂ ජනරාල් (ව්‍යාපෘති පරිපාලක සහ නඩත්තු) මේජර් ජෙනරාල් පී එම් එල් චන්ද්‍රසිරි (විශ්‍රාමික) ඩබිලිවිඩබිලිවිවී ආර්ඩබිලිවිපි ආර්එස්පී එන්ඩියු, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කමිටුවේ සාමාජිකයින් සහභාගී විය.