Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th November 2022 16:49:14 Hours

61 පාබල සේනාංකයේ භට පිරිස් හික්කඩුව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සදහා දායකත්වය ලබාදෙයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංක බල ප්‍රදේශයේ 613 පාබල බලසේනාවට අයත් හික්කඩුව වෙරළ තිරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භඨපිරිස් සහභාගිතවයෙන් 2022 නොවැම්බර් මස 17 දින සිදු කරන ලදි. මේ සදහා 61 පාබල සේනාකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සම්බන්ධිකරණයෙන් හික්කඩුව හෝටල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයින්, සංචාරකයින්, පරිසරවේදීන් මේ සදහා සභාගිවි ඇත.

මෙම වැඩසටහන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් මත, 613 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර් ආර් ඩී එස් ධර්මවික්‍රම ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ජී එච් ඒ අයි විජේරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පුර්ණ අධික්ෂණය යටතේ 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් 50 පමණ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.